මහින්ද රාජපක්ෂ මහතාට තෙවෙනි වරටත් ජනපති වෙන්න බැහැ

Spread the love
  •  
  •  
  •  
  •  

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ජනාධිපති මහින්ද (ජනපති)රාජපක්‍ෂ මහතාට තුන්වැනි වරටත් එම ධුරයට පත්විය නොහැකි බව එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා දෙවතාවක්‌ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව එම ධුරයට පත්වීමෙන් පසු රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව තෙවැනි වර එම ධුරයට පත්වීමට ඔහු නීතියෙන් නුසුදුස්‌සෙක්‌ වන අතර එලෙස තෙවැනි වර පත්විය හැක්‌කේ මේ සම්බන්ධව එන නීතිය සංශෝධනය කර එයට අර්ථ නිරූපනයක්‌ ලබා ගැනීමෙන් පසුව වුවද මෙතෙක්‌ එවැනි අර්ථ නිරූපනයක්‌ ලබාගෙන නැති බව හෙතෙම අනාවරණය කළේය.

මේ අනුව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 18 වැනි සංශෝධනය සකස්‌ කළ අවස්‌ථාවේ එය පහසුවෙන් කළ හැකි වුවත් ඒ සම්බන්ධව ක්‍රියා නොකිරීම නිසා මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි බව පවසන ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කෙසේ වෙතත් මේ සම්බන්ධව අවසන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගත යුතුව ඇති බව පැවැසීය.

අකිත පෙරේරා

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!