”මහින්ද රටේ ආර්ථිකය කෑවා,රට දෙන්න හදලා පෙන්නන්නම්”-රනිල්[video]

”මහින්ද රටේ ආර්ථිකය කෑවා,රට දෙන්න හදලා පෙන්නන්නම්”-රනිල්[video]

Spread the love
  •  
  •  
  •  
  •  

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ විනාශ කරන ලද ආර්ථිකය ගොඩ ගැනීමට එක්සත් ජාතික පක්‍ෂයට පසුගිය කාලය තුල හැකි වූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
හම්බන්තො හිස් වරායක් තමනට බාර දුන් බවත් දැන් නැවු එන බවත් ඒ මහතා කීය.
ගම හදන්න නම් එන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට තනි බලයක් ලබා දෙන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.
නිකවැරටියේ සතිපොල භූමියේදී පැවති එජාප පාක්‍ෂික ජනහමුවක් අමතමින් අගමැතියරයා මේ බව කීය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා මීට දින දෙකකට කලින් කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂය පසුගිය වසර තුන තුලදී රටේ ආර්ථිකය වනසා දමා ජනතාව අමාරුවේ දැමූ බවත් එනිසා තමන් විසින් මේ වසරේ සිට ආර්ථිකය පාලනය අතට ගන්නා බවත්ය.

(Visited 39 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!