” මහින්ද මහත්තයා ගංජා මලෙන් ඉල්ලුවත් අපි එතනයි කියා ගම්මු කියනවා” – ගම්මන්පිල

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර මැතිවරණයට කැන්ද කොළෙන් ඉල්ලූවත් ගංජා මලෙන් ඉල්ලූවත් දිනවන්න ගමේ මිනිස්සු බලන් ඉන්නා බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී මාධය හමුවක් අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.
‘මහින්ද මහත්තයා කැන්ද කොළෙන් නෙවෙයි ගංජා මලෙන් ආවත් අපි එතැන ඉන්නවා කියලයි ගමේ මිනිස්සු කියන්නේ. හොද ශ‍්‍රී ලංකාකාරයෙක් දවසක් මට කිව්වා මහින්ද මහත්තයා ගේන්න එක එක්කෙනා පසුපස්සේ යන්න ඕන නෑ. බුලත් කොළෙන් බැරිනම් කැන්ද කොළෙන් හරි ගේන්න කියා. මේ කතාව මම මාධ්‍ය මගින් කිව්වට පස්සේ එයට ෆේස්බුක් එකේ ප‍්‍රතිචාරයක් දා තිබුණා. මහින්ද මහත්තයා එනවා නම් කැන්ද කොළයට නෙමෙයි ගංජා මලට වුණත් ඡන්දෙ දෙනවා කියා’
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!