මහින්ද දින 60න් හැදූ කැලණිය ගුවන් පාලම දින 365 තිස්සේ අලුත්වැඩියා කරන යහපාලනය

මහින්ද දින 60න් හැදූ කැලණිය ගුවන් පාලම දින 365 තිස්සේ අලුත්වැඩියා කරන යහපාලනය

Spread the love
  • 20
  •  
  •  
  •  
    20
    Shares

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කැළණිය දුම් රිය හරස් මාර්ගය මතින් ඉදිකර තිබෙන ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරන ගුවන් පාලමේ එක් කොටසක අලුත්වැඩියා කටයුතු වසරක පමණ කාලයක් තිස්සේ සිදුකෙරෙමින් තිබීම නිසා දිනපතා නුවර පාර භාවිතා කරන දහස් ගණන් මගී ජනතාව සහ රථවාහන දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.එම ගුවන්පාලමේ එක් මන්තීරුවක් (නුවර දෙසට වන මන්තීරුව ) ගලවා ඇති අතර එම කොටස අලුත් වැඩියා කිරීම වසරකට වැඩි කාලයක් තිස්සේ ඉබි ගමනින් සිදුවන බවද එම නිසා දිනපතා පාලම ආසන්නේ දැඩි රථවාහන තදබදයක් පවතින බවද ප්‍රදේශවාසිහූ පවසති.කැළණිය ගුවන් පාලම දින 60ක කාලයකින් සාදා නිම කර ඉකුත් 2008 වසරේ විවෘත කල අතර කෙටි කාලයකින්ම එය නැවත අලුත්වැඩියා කිරීමට සිදුවීමද විශ්මයජනක කරුණකි.දින 60 කින් හැදු පාලම දින 360 ගියද තවම අලුත්වැඩියා කරගැනීමට නොහැකි වීමද පුදුමයකි.මෙම ගුවන්පාලම අලුත් වැඩියා කටයුතු ආරම්භ කරන සමයේදී එය භාර අමාත්‍යවරයා වූයේ ලක්ෂ්මන් කිරිඇල්ල වන අතර දැන් එම අමාත්‍යශයට අදාළ අමාත්‍යවරයා වන්නේ කබීර් හශීම්ය.

(Visited 45 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!