“මහින්ද කරන දේ මට කරන්න බෑ”-රනිල් බැරිකම කියයි

“මහින්ද කරන දේ මට කරන්න බෑ”-රනිල් බැරිකම කියයි

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

මිග්’ යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් වරෙන්තු ලබා සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මෙරටට භාරදීමට ජාත්‍යන්තර පොලිසිය විසින් සියලු කටයුතු සූදානම් කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.රජය ඒ සඳහා පුළුල් වැඩපිළිවෙළක් සකසා ඇති බවද අගමැතිවරයා ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන් ඉදිරියෙ අනාවරණය කර තිබේ.උදයංග වීරතුංග මෙරටට ගෙන්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සූදානම් බවටත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වීමට අගමැති ක්‍රියා කළයුතු බවටත් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් පිළිබඳව එම අමාත්‍යවරුන් මෙහිදී අගමැතිවරයාගේ දැඩි අවධානය යොමු කොට තිබේ. උදයංග වීරතුංග සැඟවී සිටි මුළු කාලයේම මහින්ද රාජපක්ෂ ඔහු සමඟ සබඳතා පවත්වා ඇති බවත්, ඒ නිසා ඔහුට වීරතුරංගව ගෙන්වා ගැනීමට හැකි බවත්, තනතුරෙන් ඉවත් වීමෙන් පසු කිසිදු සම්බන්ධයක් නොපැවැත්වූ තමාට අර්ජුන මහෙන්ද්‍රන් මෙරටට ගෙන්වීමට හැකියාවක් නොමැති බවත් අගමැතිවරයා මෙහිදී කියා ඇත.ජාත්‍යන්තර වරෙන්තුකරුවන් සමඟ අඛණ්ඩව සම්බන්ධතා පවත්වන මහින්ද රාජපක්ෂ කරන දේවල් තමා කිසිවිටකත් නොකරන බවද පෙන්වා දී ඇත. අර්ජුන මහේන්ද්‍රන් ඉවත් වීමෙන් පසුව ඔහු සමඟ කිසිදු සබඳතාවක් නොතිබුණු බවද අගමැතිවරයා අවධාරණය කොට තිබේ.

(Visited 55 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!