“මහින්දව නැති කරනවා…..” –  රාජ යෝගයක් සහිත මදුෂා ගේ නවතම කතාව

“මහින්දව නැති කරනවා…..” – රාජ යෝගයක් සහිත මදුෂා ගේ නවතම කතාව

Spread the love
  •  
  •  
  •  
  •  

ලිංගික අල්ලසක් නොදීම හේතුවෙන් නාම යෝජනා නොලැබුණ බවත් තමාට අත්වු එවැනි ඉරණමක් වෙනත් කාන්තාවකට අත්වෙන්න ඉඩ නොදෙන බව මදුෂා රාමසිංහ පවසයි.
ඇය අදහස් දක්වමින් කියා සිටියේ මෙවර මැතිවරණය මගින් නියෝජනය විය යුතු වන අතර එම කොටසට එක්වීමට ලිංගික අල්ලස් ලබා දීම සිදු කළහොත් එයින් මෙම මැතිවරණ ක්‍රමය තුළ ඇති සාධාරණත්වය නැති යන බවයි.
ලක්මවට හඩක් සංවිධානයේ සභාපතිනිය මදුෂා රාමසිංහ සමඟ කළ කතා බහ.
මහින්ද රාජපක්ෂ ඔයාව පිළිගත්තද?
ඔව්. මාව පිළිගත්තා. එතකොට මහින්ද දුව මොකද්ද දැන් මගෙන් බලාපොරොත්තුවෙන්නේ කියලා. එතකොට තමයි මම කිව්වේ මට දේශපාලනය ලැයිස්තුවෙන් මැතිවරණයේ ආසන ලබා ගන්න ඕන නෑ. ජනතාවගේ ඡන්දයෙන් මට ඉදිරිපත් වෙන්න දෙන්න කියලා. එතකොට මහින්ද මහත්තයා කිව්වා හරි ඔයාට ඒ අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියලා.
ඇත්තටම මොකද්ද වුණේ?
ගැහැණියෙක් විදිහට මම දේශපාලනයට එන්නේ මගේ ප්‍රතිපත්තිවලට අනුවයි. නමුත් ඇත්තටම කාන්තාවක් නිරුවත් වෙන්න සිද්ධ වෙනවානම් දේශපාලනයේදී ඒක කනගාටුවට දෙයක්. මට ඇත්තටම සිද්ධ වුණ දේ ගැන කියනවානම් මම මහින්ද මහත්තයාට සහාය දක්වන්න පොදු ජන පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂයට ගියත් එකේ සමහර අය මට හරියට වෙනස්කම් කලා. ප්‍රබල දේශපාලනඥයින් දෙදෙනෙකුගේ ලේකම්වරුන් දෙදෙනෙකු විසින් මට ලිංගික අල්ලස් ඉල්ලුවා. එයාලාගේ නම් මාධ්‍යයට කියන්න බැහැ.
මම දේශපාලනයට පැමිණි කාලයේ පටන් සාරි අදින්න පුරුදු වුණා. නමුත් අර මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුපු ලේකම්වරුන් දෙදෙනානම් කිව්වේ මට සාරි ගැලපෙන්නේ නෑ ඔයා ඒවා අදින්න එපා කියලා. නිරුවත් නිළියන්ගේ ඡායාරූප පෙන්නලා මට කියනවා ඒ අයව ආදර්ශයට ගන්නලු. මාව රැට හම්බ වෙන්න එන්න කිව්වා. ඇදුම් ගලවන්න බැරිනම් දේශපාලනය කරන්න බෑ කියලා ඒ දෙන්නාම කිව්වා. එහෙම වුණේ නැතිවුණොත් නාම යෝජනා නැතිවන එකයි වෙන්නේ කියලා ඒ අය මට කිව්වා. මාධ්‍ය ඉදිරියේ කියන්න බැරි කතා ගොඩක් මට කිව්වා. මට ඒ විදිහේ ජිවිතයක් ඇත්තටම අවශ්‍ය නෑ.
ඒවගේම මහින්ද පිළේ ඉන්න අය මහින්දව නැති කරනවා.ඇත්තටම ඒ අයට ඕන නෑ මේ රටක් ආරක්ෂා කළ කෙනාව ආරක්ෂා කරන්න. ඒ අය කරන්නේ මහින්ද මහත්තයාට හානියක්. ඒ අය මටත් හරියට කෙනෙහිලිකම් කලා. ඒ පිළේ ඉන්න කල්ලියක් ඉන්නවා ෆේස්බුක් එකෙන් මට මඩ ගැහුවා. මාව බැසිල් රාජපක්ෂ මහතා එක්ක ඉන්නවා කියලා මඩ පැතුරුවා. මේ කරන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට හානියක් කියලා හිතුවේ නෑ ඒ අය. බැසිල් රාජපක්ෂ මහත්තායත් සද්ද නැතිව හිටියා. ඒ අය කළේම සමාජ ජාලාවලින් මට අපහාස කරපු එකයි. පස්සේ මම දැම්මා මගේ ෆේස්බුක් එකේ ලිංගික අල්ලස් සම්බන්ධ පෝස්ට් එකක්. එකෙන් පක්ෂයට අපහාස වුණා කියලා කට්ටිය කියන්න ගත්තා. මහින්ද මහත්තයා ළග ඉන්න කට්ටිය මම පණ්ඩිතයි කිව්වා.
ඒකාබද්දේ අය කියනවා ඇමැති දුමින්දගේ ඩීල් එකක් ඔයා කරන්නේ කියලා?
දුමින්ද දිසානායක එක්ක මේ වන විට කිසිදු සම්බන්ධතාවයක් නෑ.වසර දෙකකින් එයා එක්ක මම කතා කළේත් නෑ. ඕනම කෙනෙකුට පෞද්ගලික ජිවිතයක් තියෙනවා. ඒවා ගැන මම කලින් හෙළි කරලා තියෙනවා. මේ වන විට දුමින්ද එක්ක මගේ කිසිම පෞද්ගලික සම්බන්ධතාවයක් නෑ. මම නිළියෙක් විදිහට රගපාලා තියෙනවා. ඔයා හැම දෙයක්ම අල්ලා මට සමාජ ජාලාවලින්නම් අඩු නැතිව මඩ ප්‍රචාර ලැබුණ

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!