මහින්දගේ වචනය විශ්වාස කරමින් දින 20ක් දිග් ගැස්සුණු රණවිරු විරෝධය අවසන් කරයි

මහින්දගේ වචනය විශ්වාස කරමින් දින 20ක් දිග් ගැස්සුණු රණවිරු විරෝධය අවසන් කරයි

Spread the love
  • 39
  •  
  •  
  •  
    39
    Shares

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දින 20ක් පුරා සිදුකළ විරෝධතාවය අද(30) දහවල් අවසන් කළේය.ඒ ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දු මුල්කරගනිමින් වේ.රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත මහතා සඳහන් කළේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද විරෝධතාව පැවති ස්ථානයට පැමිණ සාකච්ඡා කළ බවයි.ආබාධිත රණවිරුවන්ගේ ගැටළුවට හෙට (01) දිනයේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසන රණවිරුවන්ගේ සුවදුක් බැලීමට කොළඹ, කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

(Visited 63 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!