මහින්දගේ කාර්යාලයේ හොරෙන් රැඳී සිටි පුද්ගලයා රිමාන්ඩ්

මහින්දගේ කාර්යාලයේ හොරෙන් රැඳී සිටි පුද්ගලයා රිමාන්ඩ්

Spread the love
  •  
  •  
  •  
  •  

බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්යාල පරිශ්‍රයේ සැක කටයුතු ලෙස හැසිරෙමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා පෙරේදා (23 දා) තලංගම පොලිසිය මගින් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 26 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසට වැඩ බලන මහෙස්‌ත්‍රාත් ලක්‍ෂ්මී සූරියගේ මහත්මිය නියෝග කළාය.
මේ පුද්ගලයා හෝකන්දර රත්නාරාම මාවතේ පදිංචි සිංහාර මුදලිගේ නිරුක්‍ෂා නන්දකුමාර (36) යන අයෙකු බවට හඳුනාගෙන ඇත.
ඒකාබද්ධ විපක්‍ෂයේ මැයිදින රැලියට අදාළ වැඩසටහන සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බත්තරමුල්ල කාර්යාලයේදී ඉකුත් 22 දා උදේ සාකච්ඡාවක්‌ පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර එම ස්‌ථානයේ සැකකටයුතු ලෙස හැසිරුණු මේ පුද්ගලයාගෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදුන් බව තලංගම පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තමා මාධ්‍යවේදියකු බව හිටපු ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන්ට පවසා ඇති නමුත් කිසිම හැඳුනුම්පතක්‌ ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වී ඇතැයිද අන් සතු නීත්‍යනුකූල රියෑදුරු බලපත්‍රයක්‌ පමණක්‌ තිබී එය පොලිසිය භාරයට ගත් බවත් පැමිණිල්ල අධිකරණයට වාර්තා කළේය.
තවද එම පුද්ගලයාට අයත් ජංගම දුරකථන දෙකක්‌ පොලිසිය භාරයට ගන්නා ලද බව පැවැසූ තලංගම පොලිසිය ඔහු විසින් එම දුරකථන භාවිත කරමින් සිදුකර ඇති සංවාද පිළිබඳව අදාළ ආයතන හරහා විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය නියෝගයක්‌ නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.
මෙහිදී සැකකරු වෙනුවෙන් නීතිඥ නුවන් ජයවර්ධන මහතා පෙනී සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් තලංගම පොලිසියේ අධිකරණ කටයුතු භාර නිලධාරී පොලිස්‌ සැරයන් අමරසේකර මහතා (6731) කරුණු ඉදිරිපත් කළේය.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!