“මහින්දගේ කඩේ මෙන්ම ගෝඨාගේ කඩෙත් බඩු හොඳ නෑ..”-ජවිපෙ

“මහින්දගේ කඩේ මෙන්ම ගෝඨාගේ කඩෙත් බඩු හොඳ නෑ..”-ජවිපෙ

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

අධිකරණමය ක්‍රියාමාර්ගයකින් හෝ වෙනත් කිසිදු අයුරකින් ජනාධිපතිවරණය කල්දැමීමට ඉඩ නොදිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.ජනාධිපතිවරණය ජයගත හැකි විකල්ප පෙරමුණක අපේක්ෂකයෙක් බොහෝ විට ඉදිරිපත් විය හැකි බව ද සඳහන් කර සිටි ජයතිස්ස මහතා, එක්සත් ජාතික පක්ෂය අතර හා පොහොට්ටුවේ මේ වන විට ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ විශාල මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද පැවසීය‍.මහින්ද රාජපක්ෂ මහතාට බැරිවුණ වැඩේ ඔහුගේ සහෝදරයෙකුට කල නොහැකි බව ද පැවසු මන්ත්‍රීවරයා, ජේ.ආර්.ජයවර්ධන මහතාට කල නොහැකි වු වැඩේ ඔහුගේ බෑනාට සිදු කළ නොහැකි නම්, ප්‍රේමදාස මහතාගේ පුතා පැමිණියාට කල නොහැකි බව ද කියා සිටියේය.එක එක නායකයින් පැමිණියහොත් ඔවුන් ජයග්‍රහණය කළ නමුත් රට වලපල්ලට යන බව ද පැවසු නලින්ද ජයතිස්ස මහතා අපට අවශ්‍ය වන්නේ රට දිනවිය හැකි අපේක්ෂකයෙක් බව ද සඳහන් කළේය.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!