මහා ගිණි ජාලාවට මැදිවී වෛද්‍ය සැමියා,බිරිඳ,දරුවා,නිවස තුළම පිළිස්සී ගිය බෙල්ලන්විල ඛේදවාචකය(වීඩියෝ සහිතයි)

මහා ගිණි ජාලාවට මැදිවී වෛද්‍ය සැමියා,බිරිඳ,දරුවා,නිවස තුළම පිළිස්සී ගිය බෙල්ලන්විල ඛේදවාචකය(වීඩියෝ සහිතයි)

Spread the love
  • 34
  •  
  •  
  •  
    34
    Shares

බෙල්ලන්විල නිවසක අද (06) දහවල් ඇතිවූ ගින්නක් හේතුවෙන් තිස්හත් හැවිරිදි වෛද්‍යවරියක් මියගොස් තිබෙනවා. ඇය ගර්භනී තත්ත්වයෙන් පසුවී ඇති බවයි පොලිසිය පවසන්නේ. අක්ෂි ශල්‍ය විශේඥ වෛද්‍යවරයකුවන ඇයගේ සැමියා සහ 5 හැවිරිදි දරුවාද ගින්නේන තුවාල ලබා තිබෙනවා. ගින්නෙන් තුවල ලද තිදෙනා කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව තිස් දෙහැවිරිදි වෛද්‍යවරිය මිය ගොස් ඇති බවයි පොලිසිය පවසයි.වෛද්‍ය යුවළ සහ දරුවා නිවසේ උඩු මහලේ සිටියදී මෙම ගින්න හට ගෙන ඇති බවත් පහත මාලයේ සිටි ඔවුන්ගේ මව නිවසින් එළියට පැන දිවි බේරාගෙන ඇති අතර, අනතුරුව පොලීසියට කළ දැනුම් දීමකින් පසු නාන කාමරයේ සිහිසුන්ව වැටී සිටි දරුවා සහ වෛද්‍ය යුවළ කළුබෝවිල රෝහලට ඇතුළුකර තිබෙනවා.මිය ගිය විදර්ශි ඩයස් මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වෛද්‍යවරියක වන අතර තුවාල ලබා රෝහල්ගත කර සිටින ඇයගේ සැමියා අක්ෂි වෛද්‍යවරයෙකි.බොරලැස්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා.

(Visited 127 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!