මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කල රණවිරුවන් 6 දෙනා නැවත දන්ගෙඩියට ගෙන යාමට නීතිපති ගෙන් පෙත්සමක්

මහාධිකරණයෙන් නිදොස් කොට නිදහස් කල රණවිරුවන් 6 දෙනා නැවත දන්ගෙඩියට ගෙන යාමට නීතිපති ගෙන් පෙත්සමක්

Spread the love
  •  
  •  
  •  
  •  

ත්‍රිකුණාමලය, කුමාරපුරම්හිදී සිවිල් වැසියන් 24 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු යුධ හමුදා සාමාජිකයින් හය දෙනා නිදොස් කොට නිදහස් කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
1996 වසරේ සිදුවු එම ඝාතනවලට අදාළව අනුරාධපුර මහාධිකරණය හමුවේ හිටපු යුධ හමුදා කෝප්‍රල්වරුන් හය දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබුණි.
වසර 20කට ආසන්න කාලයක් විභාග වූ නඩුවේ තීන්දුව පසුගිය ජුලි මාසයේ ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ ජූරි සභාව විත්තිකාර හමුදා කෝප්‍රල්වරුන් එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගනු ලැබුවේය.
කෙසේවෙතත් ජූරි සභාව ගත් එම තීරණය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අධි නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ නඩුවෙන් හමුදා සාමාජිකයින් හය දෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ ජුරී සභාව ගත් තීරණය නීතියට පටහැණි බවයි.
විත්තිකරුවන් අදාළ චෝදනාවලට වරදකරුවන් බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව තිබීයදීත් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීම තුළින් අගතියට පත් පාර්ශවයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව එම පෙත්සමෙන් පෙන්වා දී ඇත.
ඉදිරිපත් වු පෙත්සම ලබන 22 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළ බව වාර්තා වේ.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!