මහණ වෙන්න පන්සලේ සිටි පිරිමි දරුවාට බරපතල ලිංගික අපරාධයක් කල පොලිස් නිලධාරියෙක්

මහණ වෙන්න පන්සලේ සිටි පිරිමි දරුවාට බරපතල ලිංගික අපරාධයක් කල පොලිස් නිලධාරියෙක්

Spread the love
  • 189
  •  
  •  
  •  
    189
    Shares

පන්සලේ සිටි වයස අවුරුදු 7ක පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ පොලිස් නිලධාරියා මේ මස 28 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියම කළ කුලියාපිටිය මහෙස්ත‍්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය සැකකරු පිළිබඳව කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් එදිනට සමාජ වාර්තාවක් කැඳවන ලෙසද ඊයේ (17 දා) නියම කළාය.
කුලියාපිටිය ගල්පොල ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කළ අතර ඇන්නරුව විහාරස්ථානයක සැකකරු ආරක්‍ෂක කටයුතු වල නිරත වෙමින් සිටියදී පැවිදි වීමේ අපේක්‍ෂාවෙන් විහාරස්ථානයේ රැඳීසිටි බාලවයස්කාර දරුවකු සැකකරු විසින් අපයොජනයට ලක්කර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
සිද්ධියට අදාල වින්දිත දරුවා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇතැයිද පොලිසිය එහිදී අධිකරණයට කරුණු දැක්වීය. සැකකරුද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
කුලියාපිටිය මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නාමල් පෙරේරා මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතර නීතිඥ චම්පික ලසිත කුමාර මහතා සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

(Visited 303 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!