මව සොයා ආ පුතුට නිරුවත් කර බෙල්ල වෙන් වී තිබු මළකඳ හමු වෙලා

Spread the love
  •  
  •  
  •  
  •  

ඇහැලියගොඩ ගමේ උපන් අනෝමා ඉන්ද්‍රානි තම ජීවන සහකරු සොයා මොරවක ගම්මානයට පියනගන විට මෙවන් ඉරණමකට ඇයට ගොදුරුවන්නට සිදුවේ යැයි ඇය කිසිවිටකවත් නොසිතුවා විය හැක.

නමුත් සියල්ල ඇය නොසිතූ අයුරින් අවසන්ව ඇත. මොරවක නෙළුම්දෙණිය ගම්මානවල සැවොම හඬවමින් ඒ අවිහිංසක මාතාව සදහටම මෙලොවින් සමුගෙන ගොස් හමාරය. මියයන විට 54 වියේ පසුවූ අනෝමා ඉන්ද්‍රානි නම් වූ ඇය ආගම දහමට අනුව දිවි පෙවෙත ගත කළා පමණක් නොව ගමේ කාගෙත් දුකට සැපට පිහිටවූ මාතාවයි. හිරිමල් තරුණ වියේදීම තම ස්වාමී පුරුෂයා ඇගෙන් සදහටම සමුගන්නේ දයාබර පුතණුවන්ට සිය සෙනෙහස අහිමි කරමිනි. යුද හමුදා සෙබළකු වූ ශාන්තිලාල් ඇයට දායාද කළ එදා 7 මස් වියැති සිඟිති පුතු ජීවත් කරගන්නට ඇය නොගත් උත්සාහයක් නැත. නොයෙක් අපහසුකම් මෙන්ම සමාජයේ කෙණෙහිලිකම් මැද ඇයට හිමිවූවද ඒ කිසිවකට නොසැලී සිටීමට ඇයට හැකිවිය. කෙමෙන් ගතවී ගිය කාලයත් සමග ඇගේ පුත් 21 වියැති ඉසුරු අසංක මුදලිගේ පියාගේ අඩුව ගමට සපුරාලමින් ගමේ කා සමගත් හොඳින් කල්ගත කළේ අහිංසක මවගේ බලා‍පොරොත්තු තරමට දුරට ඉටුකරලමිනි.
ඉකුත් 8දා බිනර ‍පොහොය උදාවිය. මවගේ ජීවිතය රැකගන්නට නිතර වෙහෙස වෙන ඉසුරුට ‍පොහොය දිනයද වැඩකරන දිනයකි. තුල්හිරිය කර්මාන්ත පුරයේ අඟලුම් ආයතනයක සේවකයෙකු වූ ඔහු දහවලට මවගෙන් ලැබුණු බත් කට ඉක්මණින් ගිල දමා වහා වහා සේවා ස්ථානයට පියනැගූ නමුත් තමුන්ගේ මව දකින අවසන් දිනය මොහොත මෙය බව ඔහු නොසිතුවා විය හැක. නමුත් ෙදෙවය ඒ සියල්ල නිමාකර තිබිණ.
ඉසුරු තම වැඩමුරය අවසන් කර රාත්‍රී 12ට පමණ මව සොයා නිවසට පැමිණෙන විට ඇය කිසිවකුගේ පිහි පහරකින් හිස වෙන්ව තිබූ මවගේ නිරුවත් මළ සිරුර නිවස තුළදී දැකගන්නට සිදුවිය. නිවසේ හුදකලාව තම පුතුගේ පැමිණීම අපේක්ෂාවෙන් නෙත් නොපියවා මහ මග දෙස බලා සිටි මේ සදාදරණීය මවට මෘග මිනිසකුගේ ආශාවන් සන්සිඳුවාලන්නට හෝ වෙනයම් හේතුවක් නිසා තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුව තිබුණි. තම දිවියේ මාස 7ක් ගතවන්නටත් පෙර පිය සෙනෙහස අහිමි වූ 21 වියැති ඉසුරු අසංක අද මවු සෙනෙහසත් අහිමිව මෙලොව තනිවී ඇත. ජීවිතයේ ස්වර්ණමය යුගය තරුණවිය සුවඳවත් කරගන්නට ඔහුට ඉතිරිව තිබූ මව් සෙනෙහස අහිමි කරමින් ආදරණීය මවට මේ විපත සිදුකළ සාහසිකයා සොයන්නට දැදිගම ‍පොලීසියේ ස්ථානාධිපති බාලසූරිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ගත් උත්සාහය මේ වන විට සාර්ථකව ඇත. මියගිය මවගේ නිවස අසල නිවසක පදිංචි අයෙකු මේ වන විට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!