”මවුබිමෙන් ත්‍රස්තවාදය හා අන්තවාදය තුරන් කරනවා ..”ජනපති

”මවුබිමෙන් ත්‍රස්තවාදය හා අන්තවාදය තුරන් කරනවා ..”ජනපති

Spread the love
  • 389
  •  
  •  
  •  
    389
    Shares

මවුබිම ත්‍රස්තවාදයෙන් හා අන්තවාදයෙන් මෙන්ම පාතාල ක්‍රියාකාරිකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු ජන ජීවිතය කඩාකප්පල් කරන්නන්ගෙන් තොර සුරක්ෂිත රටක් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඔහු එසේ පැවසූයේ අටවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවයේදි ‘සෞභාග්‍යයේ දැක්ම’ නම් වූ ජනතා කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිපත්තිය සභාගත කරමිනි. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ දූෂණය, වංචාව පිටුදැකීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන බවත්, එහිදී තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බවත්ය.
එසේම රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී හෝ අන්තර්ජාතික වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන බවත්, රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන බවත්, ඕනෑම රටක් සමඟ සම තත්ත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින, ගෞරාන්විත පාලනයක් ඇති කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

(Visited 92 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!