මවගේ සැත්කමට කවි බණ කීවාට හදවත් සැත්කමක් කිරීමට අවශ්‍යතාවයක් නැතිලු

මවගේ සැත්කමට කවි බණ කීවාට හදවත් සැත්කමක් කිරීමට අවශ්‍යතාවයක් නැතිලු

Spread the love
  •  
  •  
  •  
  •  

පොළොන්නරුව සෝමාවතිය සෝමපුර ප‍්‍රදේශයේ පදිංචි එම්.ජී ඉන්ද්‍රානී දීපා මහත්මියට හෘද සැත්කමක් සිදු කිරිම සදහා ඇයගේ දරුවන් දෙදෙනා කවි බණ කියමින් මුදල් එකතු කිරීම පිළිබඳව පුවතක් මාධ්‍ය මගින් පළවීමත් සමග ඒ පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය, අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සැත්කම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට දැනුම් දී තිබුනි.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම කාන්තාව පදිංචි නිවසට ගොස් ෙමි පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බැලීය.
මෙහිදී ඇයට ප‍්‍රතිකාර කළ පොළොන්නරුව මහ රෝහලේ හෘද සැත්කම් ඒකකයේ විශේෂඥ වෛද්‍ය රෝෂාන් පරණමාන මහතා සමග දුරකථනයෙන් සාකචිඡ කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියළු වෛද්‍ය වාර්තා ද නිරික්ෂණය කරන ලදි. ඉන් පසු අනාවරණය වුයේ ඇයට ශල්‍යකර්මයක් සිදු කිරීෙමි අවශ්‍යතාවයක් නොමැති බවයි. ඇයට වෛද්‍ය ප‍්‍රතිකාර පමණක් ලබාදීෙමි අවශ්‍යතාවයක් ඇති බව මෙහිදී තහවුරු විය.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුට ඇය පෙන්වා අවශ්‍ය ප‍්‍රතිකාර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නොමිලේ ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී ප‍්‍රකාශ කළේය. ඇයට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණීමට ප‍්‍රවාහන පහසුකම් ද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදීමට නියමිතය. තව ද අවශ්‍ය ඖෂධ සදහා මුදල් සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් ලබාදීමට ද තීරණය විය.
මෙම අවස්ථාෙවි දී ඇයගේ දරුවන් දෙදෙනා කවි බණ කිහිපයක් ඉදිරිපත් කිරීම ද විශේෂත්වයක් විය.

– නිපුන් ඒකනායක

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!