” මල ජංජාලයයි,දොස්තර ගුටි කෙළියයි,1ක් රෝහලේ”

” මල ජංජාලයයි,දොස්තර ගුටි කෙළියයි,1ක් රෝහලේ”

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

වෛද්‍යවරුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ වෛද්‍යවරයෙකු රෝහල්ගත කර තිබේ.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සයිටම් විරෝධී ජන පවුර පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකින් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහය අතරතුර ගැටුම හටගෙන ඇති බව වාර්තා වෙයි.ගැටුමෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව එම රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.මේ පිළිබඳ කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ අදාළ අවස්ථාවේ ඇති වූ සිද්ධියක් මත ගැටුම හටගෙන ඇති අතර වැඩිදුර තොරතුරු නොදන්නා බවයි.

(Visited 20 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!