“දවසක් පාසා මර බිය ඇසෙනා දකුණේ ඊයේ තැබූ වෙඩි වරුසාව…”(VIDEO)

“දවසක් පාසා මර බිය ඇසෙනා දකුණේ ඊයේ තැබූ වෙඩි වරුසාව…”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

අම්බලන්ගොඩ, බටපොල, ඊරියගහදොල සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. එකම පවුලේ පියා සහ දරුවන් තිදෙනා යන සිවු දෙනෙකු ඇතුළු පස් දෙනෙකු මෙසේ තුවාල ලබා තිබේ.යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත. ඔවුන් ගමන් ගනිමින් සිටි මෝටර් රථයේ ඇති වූ දෝෂයක් සකස් කර ගැනීමට ගෙන්වා ගත් කාර්මික ශිල්පියා ආපසු ඇරලවීමට යද් දීමෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලීසිය කියයි.මේ අතර පසුගිය දා කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් තුනකින්ද පුද්ගලයින් සිව් දෙනෙකු මියගියේය. කොස්ගොඩ – යුදපිටිය – කුරුදුගම්පියස – මැණික් ගම්මානය යන ප්‍රදේශවල මෙම වෙඩි තැබීම් සිදුව තිබුණි.යතුරුපැදි දෙකකින් පැමිණි තුවක්කුකරුවන් සිව් දෙනෙකු විසින් මෙම වෙඩි තැබීම්ද සිදු කර තිබූ බව පොලීසිය විසින් අනාවරණය කළේය.එම වෙඩි තැබීමෙන් තවත් පිරිමි දරුවෙකුද තුවාල ලබා තවමත් රෝහල් ප්‍රතිකාර ලබයි.එමෙන්ම කොස්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පහක් යොදවා තිබේ.අැල්පිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගේ ප්‍රධානත්වයෙන් එම පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!