මරා දැමු ප්‍රභාකරන් අළුගෝසුවාට උතුරේදී පිං අනුමෝදමක්…

මරා දැමු ප්‍රභාකරන් අළුගෝසුවාට උතුරේදී පිං අනුමෝදමක්…

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

උතුරු පළාත් සභාව විසින් මැයි මස 18 වැනිදා ශෝක දිනයක්‌ වශයෙන් නම් කොට තිබේ.
උතුරු පළාත් සභාවට ඉදිරිපත් කරන ලද යෝජනාවක්‌ සම්මත කොට ගෙන ඔවුන් උතුරු පළාතට ශෝක දිනයක්‌ ප්‍රකාශයට පත් කරනු ලබන්නේ යුද්ධයේදී මියගිය පිරිස සැමරීම පිණිස බව ඔවුන්ගේ යෝජනාවේ සඳහන් වෙයි.
නමුත් මෙහි ඇත්තම කතාව යුද්ධය කරගෙන ගිය එල්. ටී. ටී. ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියේ හරියටම 2009 වසරේ මැයි මස 18 වැනිදාය. ඒ දිනය සමරා ඔහු සිහි කිරීමට අවශ්‍ය බැවින් දෙමළ ජාතික සන්ධානය මැයි මස 18 වැනිදා උතුරු පළාතට ශෝක දිනයක්‌ වශයෙන් නම් කොට තිබේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක්‌ බැවින් එහි නායකයා මියගිය දිනය ප්‍රසිද්ධියේ සැමරීමට නොහැකිය. මේ නිසා ඔවුන් උප්පරවැට්‌ටියක්‌ වශයෙන් පවසන්නේ එදිනට යුද්ධයෙන් මියගිය පිරිස සමරන බවයි.
මියගිය පිරිස සමරා ඔවුන් වෙනුවෙන් පිං අනුමෝදන් කරවීම සෑම ආගමකටම සෑම ජාතියකටම අයත් පොදු පිංකමක්‌ බැවින් පිංකම්වලට බාධා කිරීමට කිසිවකුටත් අයිතියක්‌ නොමැත. මේ නිසා ඔවුන්ට මැයි 18 වැනිදාට ප්‍රභාකරන් සැමරීම සඳහා අවස්‌ථාව සැලසී තිබේ.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!