මරණ දඬුවම ඉල්ලා පා ගමනක්

මරණ දඬුවම ඉල්ලා පා ගමනක්

Spread the love
  •  
  •  
  •  
  •  

කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

දැරියගේ පියා, සීයා සහ අසල්වැසි තරුණයෙකු ද ඒ අතර වන බවයි වැඩබලන පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ. මළ සිරුරේ තිබී සොයා ගත් හිස කෙස් සහ දැරියගේ ගෙල සිර කිරීමට යොදාගත් බව කියන රෙදි කඩ ඇතුළු නඩු භාණ්ඩ
ඞී.එන්.ඒ. පරීක්ෂාවක් සඳහා යොමු කර තිබෙනවා.

එහි වාර්තාව ද ඉදිරි දින කිහිපයේදී ලැබෙනු ඇති බවයි වැඩබලන පොලිස් ප‍්‍රකාශකවරයා පැවසුවේ. මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි.

මේ අතර සේයා සදෙව්මි දැරියගේ ඝාතකයින්ට දැඩි දඩුවම් ලබාදෙන්නැයි ඉල්ලමින් කාන්තාවන් පිරිසක් අද (17) පා ගමනක නිරත වුණා. මෙම පා ගමන ආරම්භ වූයේ දිවුලපිටිය කඩවල ප‍්‍රදේශයෙන්. එම පාගමනේ නිරතවෙන කාන්තාවන් පවසන්නේ මෙම අපරාධය සිදු කළ තැනැත්තාට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් හෙට දිනයේ සිය දූ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කර දෙන ලෙසයි. මරණ දඩුවම මෙහි වැරදිකරු සඳහා නියම කළ යුතු බවටද ඔවුන් පවසනවා.සේයා සදෙව්මි දැරිය මිය යන විට 05 වන වියේ පසුවුණා. ඉකුත් සිකුරාදා රාත්‍රියේ සිය පවුලේ සාමාජිකයින් සමග ඇය නින්දට ගොස් ඇති අතර පසුදින උදෑසන ඇය නිවසේ සිට නැහැ. පසුව කෙරුණු සෝදිසි කිරීම්වලදී නිවසේ සිට මීටර් 300ක් පමණ ඈතින් වන ඇළක ඉවුරේ තිබියදී ඇගේ සිරුර සොයා ගැනුණා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ දූෂණය කර ගෙල සිර කිරීමෙන් සේයා සදෙව්මි දැරිය ඝාතනය කර ඇති බවයි.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!