මම වැරදි කරපු නැති නිසා මම කිසි කෙනෙක්ට බය නැහැ-මර්වින්

Spread the love
  •  
  •  
  •  
  •  

සමෘද්ධි නිලධාරියෙකු ගස් බැඳීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද සමෘද්ධි නිලධාරීන් පිරිසකට උපදේශයක් ලබාදුන්නා. ඒ, දිවි නැගුම සහන අරුණ ණය වැඩසටහන යටතේ කැලණිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවි නැගුම ප‍්‍රතිලාභීන් සඳහා ණය මුදල් ලබාදීමේ වැඩසටහනකට සහභාගි වෙමින්.

 

නියෝජ්‍ය දිසාපති තුමියනි, මගේ සමෘද්ධි දරුවන්ට මම දැන් උපදේශයක් දෙනවා. කිසිම දේශපාලනඥයකුට ඔළුව නමන්න එපා. ඔබලා දැන් රාජ්‍ය නිලධාරීන්. ඔබගේ සේවය දේශපාලනඥයාට නෙවෙයි. මේ රටේ නැතිබැරි අහිංසක දුප්පත් අසරණ පවුල් සඳහා. අසරණ මිනිසුන් සඳහා, කිරිකැටි දරුවාගේ සිට මහල්ලා දක්වා සේවය කළ යුතුයි. සමෘද්ධි ව්‍යාපාරයට පාටක්, පක්ෂයක්, ලකුණක් නැහැ. තියෙන්නේ රාජ්‍ය ලාංඡුනය පමණ තියෙන්නේ. එම නිසා මුදල්දීම තේරීමේදී නැති බැරි මිනිසුන්ට පමණක් දෙන්න.

 

කැලණිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මර්වින් සිල්වා මහතා කියා සිටියේ තමන් සැමවිට ජනතා සේවය වෙනුවෙන් කැප වී සිටින බවයි. ඊට බාධා එල්ල වන්නේ නම් දේශපාලනයෙන් සමුගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

 

මට බැරි නම්, මට වැඩ කරන්න බැරි නම්, බොරු වළවල් කපනවා නම්, පොලූ දානවා නම් මුළු කැළණි ජනතාවත්, ගම්පහ ජනතාවත් එකතු කරලා මම දේශපාලනයෙන් සමුගන්නවා. මට බලය නැතිව, උදව් නැතිව ජනතාවට සේවය කරන්න මට ඉඩ දෙන්නේ නැතිනම් මම අනිත් අය වගේ නිකන් පුටුවක වාඩි වෙලා ඈනුම් ඇර ඇර ඉන්න කෙනෙක් නෙවෙයි. මට එහෙම ඉන්නත් බැහැ. මම වැරදි කරපු නැති නිසා මම කිසි කෙනෙක්ට බය වෙන්නේත් නැහැ. මම බයවෙන්නෙත් මගෙ ජනතාවට මම සලකන්නෙත් මගේ ජනතාවට.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!