මම රහස් පොලීසියට ප්‍රකාශයක් දුන්නේ නැහැ-ගෝඨාභය

මම රහස් පොලීසියට ප්‍රකාශයක් දුන්නේ නැහැ-ගෝඨාභය

Spread the love
  •  
  •  
  •  
  •  

ගාල්ල වරායේ තිබූ පාවෙන නැව් ගබඩාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන පරීක්ෂණයට අදාළව හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ රහස් ‍පොලිස් කණ්ඩායමක් ඊයේ (13දා) ප්‍රකාශයක් ගත් බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ උදෑසන 11.00ට පමණ මෙම ‍පොලිස් නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටින මිරිහාන ප්‍රදේශයේ නිවසට ගොස් පැයක ප්‍රකාශයක් ලබාගෙන ඇත.

අදාළ ලිපි‍ලේඛන පරීක්ෂා කරන තෙක් ඒ සම්බන්ධව ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවත් ඒ අනුව මේ පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශයක් ලබා දෙන බවත් හිටපු ආරක්ෂක ‍ලේකම්වරයා පැවසූ බව අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මේ ආකාරයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව දන්වා රහස් ‍පොලිසිය මීට දින දෙකකට පෙර හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාට දැනුම් දී තිබුණි.

මේ සම්බන්ධයෙන්  හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා සඳහන් කළේ එවැනි කිසිදු ප්‍රකාශයක් රහස් ‍පොලිසියට තමා විසින් ඊයේ ලබා නොදුන් බවයි.
“ප්‍රකාශයක් අවශ්‍ය බව රහස් ‍පොලිසිය මට දැන්නුවා. ඒ අනුව ඉදිරි සතියේ දිනක එම ප්‍රකාශය ලබා දෙන බව මම දැනුම් දුන්නා. ඊයේ එවැනි ප්‍රකාශයක් ලබා ගැනීමක් සිදුවූයේ නැහැ.”
හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ගයාන් ගාල්ලගේ / රමේෂ් වරල්ලෙගම

——————————————————————-
<h1>සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව</h1>
[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!