“මම යලි ජනතාව අතරට ගොස් උද්ඝෝෂණය කරනවා…” – සෝභිත

“මම යලි ජනතාව අතරට ගොස් උද්ඝෝෂණය කරනවා…” – සෝභිත

Spread the love
  •  
  •  
  •  
  •  

ආණ්ඩුවේ යහපත් ක‍්‍රියා අගය කිරීමටත් වැරදි ක‍්‍රියාවන්ට එරෙහිව විරෝධය පළ කිරීමටත් තමන්ට හැකියාව පවතින බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් යළි ජනතාව සමග විරෝධතා ආරම්භ කිරීමට තමන් සුදානම් බවයි.
මාදුළුවාවේ සෝභිත මෙම අදහස් පළකළේ ඔහු සම්බන්ධයෙන් කොළඹ ඊයේ (08) පැවති ජාතික සංවිධාන එකමුතුවේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කළ චෝදනාවකට පිළිතුරු වශයෙන්.
එහිදී වසන්ත බණ්ඩාර මහතා පැවසුවේ ” පිටරට සල්ලි මත යැපෙමින් සිටින සෝභිත හිමි ප්‍රමුඛ මේ පුරවැසි බලය නියෝජිතයෝ සංවිධාන එකසිය ගණනක බොරු නමුත් දාලා වර්තමාන ජනාධිපතිතුමත් එක්ක ජනපති විධායක බලතල අහෝසි කරන්න ගිවිසුමක් අත්සන් කළා. දැන් මේ සියලුදෙනාම කටවල් වහගෙන ඉන්නවා. දැන් සෝභිත හාමුදුරුවන්ට සිවුරක් නෙමෙයි සරමක්වත් අඳින්න සධාචාරාත්මක් අයිතියක් තියෙනවාද කියලා අපි ප්‍රශ්න කරනවා. ” යනුවෙනි.
කෙසේවෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත වැඩි දුරටත් පෙන්වා දුන්නේ ඕනෑම කෙනෙකුට විවේචනය කිරීමේ අයිතියක් ඇති බවයි.

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!