“මම දහම් පාසල් ගිය කෙනෙක්… පොලිසිය කළේ නින්දිත වැඩක්‌…” – මුතුහෙට්ටිගම

Spread the love
  •  
  •  
  •  
  •  

මම අධිකරණයට භාර වෙන්න හිටියේ නමුත් පොලිසිය කළේ නින්දිත වැඩක්‌ බැව් සුළු අපනයන භෝග කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා පැවසීය.
ඇප මත නිදහස්‌වීමෙන් පසු බද්දේගම මහෙස්‌ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී මාධ්‍යයට අදහස්‌ දක්‌වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය.
මට බද්දේගම අධිකරණය මගින් විවෘත වරෙන්තුවක්‌ නිකුත්කොට තිබුණා. පෞද්ගලික කටයුත්තකට සිංගප්පූරුවට ගියා. අධිකරණයට භාරවෙන්න ශ්‍රී ලංකාවට ආවා. කටුනායක ගුවන්තොටුපළේදී මාව අත්අඩංගුවට ගත්තා පොලිසිය නින්දිත විදියට වැඩ කළේ. මා දහම් පාසල් ගොස්‌ තියෙනවා. විහාරස්‌ථාන සමග සමීපව කටයුතු කරනවා බෞද්ධ පරිසරයක තමයි හැදීවැඩුනේ අධිකරණයට මා ගරුකරනවා ගෞරව කරනවා.
ඇප ලැබීම ගැන සතුටුයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනපතිකරවීමට කැපවීමෙන් වැඩ කරනවා. ගාල්ල කඩවත් සතර හා තල්පෙපත්තුවෙ ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරතන නාහිමිද අධිකරණ භූමියට වැඩම කොට සිටියේය. ජ්‍යෙෂ්ඨ ඇමැති පියසේන ගමගේ, නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි යන මහත්වරු මෙන්ම නියෝජ්‍ය ඇමැතිවරයාගේ ආධාරකරුවෝද මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ. [sexypoll id=”9″]

(Visited 15 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!