“මම තවමත් ලොක්කා”-සාගල නිවේදනයක් නිකුත් කරයි

“මම තවමත් ලොක්කා”-සාගල නිවේදනයක් නිකුත් කරයි

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

අරලියගහ මන්දිරයේ ඔක්තෝම්බර් 26 වැනිදා වනවිට සේවය කරන ලද ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරින් සියලුම දෙනා නැවත එයට අනුයුක්ත කර නැවත කැඳවන ලද සිය කාර්ය මණ්ඩලය හා පහසුකම් ලබාදෙන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා අග්‍රාමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතාට ලිපියක් යොමු කර ඇත.ඔහු මෙම ලිපියට අස්සන යොදා ඇත්තේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී හා තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය යන නාමයෙනි.කතානායක කරු ජයසූරිය මහතා විසින් නොවැම්බර් 5 වැනිදා නිකුත් කරන ලද නිවේදනයට අනුව මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට හැකි වනතුරු පැරැණි තත්ත්වය බලාත්මක වන බැවින් මෙම ඉල්ලීම කරන බව රත්නායක මහතා එහි සඳහන් කර ඇත.

(Visited 68 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!