“මමත් හිරේ ඉඳලා පෙරේදා ආවේ…දැන් එකෙක් වත් අපි ගැන සොයන්නේ නෑ”-අම්පිටියේ සුමනරතන හිමි

“මමත් හිරේ ඉඳලා පෙරේදා ආවේ…දැන් එකෙක් වත් අපි ගැන සොයන්නේ නෑ”-අම්පිටියේ සුමනරතන හිමි

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන් මහතා අද මඩකලපුව මංගලාරාමාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැ දුටුවේය.එහිදී උන්වහන්සේ අනාවරණ කළේ නැගෙනහිර පළාතේ පවතින සමඟිය නැති කිරීමට කිසියම් බලවේගයක් ක්‍රියාත්මක වන බවයි.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මෙසේ පැවසීය.“දැන් ඔබතුමලාට විතරක් නෙමෙයි භික්ෂූන් වහන්සේලා හැටියට අපටත් බරපතළ මානව ගැටලුවක් තියනවා. සස පෙරේදා හිරේ ඉඳලා ආවේ. කොහෙද මොණරාගල. ගිය බ්‍රහස්පතින්දා මාව රිමාන්ඩ් කළා.මගෙන් ඉල්ලන ඇප තමයි ලේ ඥාති හයක්. තාත්තා නැතිවෙන්නේ අවුරුදු හතරෙන්. මගෙ අම්මා නැති වෙන්නේ අවුරුදු තුනෙන්. හරි සහෝදරයෙකුත් නෑ.මම කොහොමද දෙන්නේ ලේ ඥාකී හය දෙනෙක් පස්සේ අපේ කට්ටිය ඇප ඉල්ලුවා. ඇපයට දඩය ලක්ෂ විස්සයි. ඒ ඇපය ඉල්ලන්නේ එක්කෝ මුදලින් නැත්තම් ඉඩම් ඔප්පුවක්. අපිට කාගෙන් පිහිටක් නැති තත්ත්වයකට පත් වෙලා.මේ රටේ මානව හිමිකම්. අයිතිවාසීකම් ඉල්ලන්න ඕන අපි. අපේ ඇමතිවරු මන්ත්‍රීවරු මේ පන්සල්වලට ගොඩවෙන්නේ නෑ. ඔබතුමා ආවාට ගොඩක් පිං. ඔබතුමා උතුරු පළාත. නැගනෙහිර පළාත ආරක්ෂා කර යුතුයි. එකේ කිසි භේදයක් නෑ.

(Visited 214 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!