මන්නාරම මහේස්ත්‍රාත් අනතුරකට ලක්ව රෝහල් ගත කෙරේ

මන්නාරම මහේස්ත්‍රාත් අනතුරකට ලක්ව රෝහල් ගත කෙරේ

Spread the love
  •  
  •  
  •  
  •  

මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජී.ඇලෙක්ස් රාජා මහතා ඊයේ(21) රිය අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබේ.
මහේස්ත්‍රාත්වරයා යාපනයේ සිට මන්නාරම දක්වා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී මන්නාරම ඉලුප්පුකඩවායි ප්‍රදේශයේ දී මෝටර් රථය ගවයකුගේ ගැටීමෙන් එය පෙරළී ගොස් අනතුර සිදුව ඇති බව සඳහන්ය.
අනතුරෙන් තුවාල ඔහු ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරෙන් මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර මහේස්ත්‍රාත්වරයාගේ තත්ත්වය බරපතළ නොවන බව මන්නාරම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!