මන්ත්‍රී වෙල්ගමට නස්පැත්තියක්

මන්ත්‍රී වෙල්ගමට නස්පැත්තියක්

Spread the love
  • 11
  •  
  •  
  •  
    11
    Shares

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පිහිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නිවසට ඇතුළු වූ අයෙකු අද(20) නිවසේ වූ භාණ්ඩ සොරකම් කර පලාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.නිවසේ නිදන කාමරයේ ජනේලය බිඳ කාමරයට ඇතුළු වී භාණ්ඩ සොරකම් කර ඇති බවද, එම ජනේලය බිඳීමට රැගෙන විත් තිබූ උල් යකඩ ආයුධයක් තම බාරයට ගත් බවද පොලිසිය කියයි.මෙම   සිදුවීම වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවසේ කිසිවෙකු නොසිට ඇති අතර, මේ පිළිබඳව මන්ත්‍රීවරයා අලුත්ගම පොලිසියට පැමිණිලි කර ඇත.වෙල්ගම මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා තිබෙන්නේ කළුවාමෝදර ගංගාව සමීපයේ බවත්, ගංගාව සමීපයේ ආරක්ෂක වැටක් හෝ නොමැති බවත්, නිවසට ඇතුළු වූ පුද්ගලයා ගං ඉවුර හරහා පැමිණියේද යන්න පිළිබඳව පොලිසිය සැක පළකරන බවත් පර්යේෂණ පවත්වන නිලධාරීහු කියති.

(Visited 225 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!