“මධුෂ් හිරගෙදරදීම පහර දී මරා දමන්න සැලැස්මක්…”-අභිරහස හෙළිවෙයි

“මධුෂ් හිරගෙදරදීම පහර දී මරා දමන්න සැලැස්මක්…”-අභිරහස හෙළිවෙයි

Spread the love
  • 44
  •  
  •  
  •  
    44
    Shares

මාකඳුරේ මධූෂ් අබුඩාබි හෝටලයේදී කොටු වෙන්නට පෙර ලංකාවේ පාතාල කණ්ඩායමක් ඩුබායිවලට ගෙන්වා හෝටලයකදී පැවැත්වූ සාදයකදී මෙරට බන්ධනාගාර ගතව සිටින ඔහුගේ තරගකාරී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු ඝාතනය කිරීමට සැලැසුමක් තිබූ බව වාර්තා වේ.බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති පරිදි මේ සැලැසුම සකසා ඇත්තේ ජනවාරි දෙවැනි සතියේදීය.මෙම සැලසුමට අනුව පෙබරවාරි 11ත් 15ත් අතර දිනකදී බන්ධනාගාර බස්රථයකට හෝ උසාවිය අසලදී මෙම ඝාතන කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබී ඇත.වෙලේසුදා, දෙමටගොඩ චමින්ද, සුජිත් ගුණසේකර ඇතුලු සිව්දෙනෙකුගේ නම් මේ ඝාතනවල ඉලක්කව සිටි අය ලෙස හෙළිකරගෙන ඇති බවද පැවසේයි.මෙම සැලසුම හෙළිවීමත් සමඟ පොලිස් මූලස්ථානය හරහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කල දැනුම්දීමක් මත බන්ධනාගාර ගත ප්‍රධාන මතද්‍රව්‍ය ජාවාරම්කාරයින් හා පාතාල ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ ආරක්ෂාව තර කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

(Visited 190 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!