මධුෂ්ගේ පියාගේ අවමඟුල් වීඩියෝවෙන් හෙළිවුණු පාතාල කෙරුමෝ ටික(වීඩියෝ)

මධුෂ්ගේ පියාගේ අවමඟුල් වීඩියෝවෙන් හෙළිවුණු පාතාල කෙරුමෝ ටික(වීඩියෝ)

Spread the love
  • 37
  •  
  •  
  •  
    37
    Shares

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවෙසක තිබී සොයාගත් මාකදුරේ මදුෂ්ගේ පියාගේ අවමංගල්‍ය කටයුතු දර්ශන ඇතුළත් වීඩියෝ පටියෙන් මෙරට සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයන් රැසක් පිළිබඳ තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන තිබේ. එම අවමංගල්‍ය උත්සවයට පාතාල නායකයින් සහ මත්කුඩු ජාවාරම් වලට සම්බන්ධ පිරිස් සමග බඳතා පවත්වන බවට සැකකරන ප්‍රභූවරුන් පිරිසක්ද පැමිණ ඇති බවට පොලිසිය සැක පළ කරන අතර, අදාළ වීඩියෝ පටිය දැඩිව නිරීක්ෂණය කරමින් ඔවුන් කවුරුන්ද? යන්න පිළිබඳව මේ වන විට නිශ්චිතව හඳුනා ගනිමින් සිටින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. රුපියල් කෝටි 500යේ දියමන්තිය සමග අත්අඩංගුවට ගත් කැළුම් ඉන්දික හෙවත් කැවුමා නැමැත්තා රැඳී සිටි බව කියන රාවතාවත්ත ප්‍රදේශයේ නිවස තුළ තිබී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අදාල වීඩියෝ පටය සොයාගෙන තිබුණි.

(Visited 204 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!