මධුෂ්ගේ ඩුබායි අඹුව සහ අමල් පෙරේරා ගේ පුත්‍රයා නිදහස්

මධුෂ්ගේ ඩුබායි අඹුව සහ අමල් පෙරේරා ගේ පුත්‍රයා නිදහස්

Spread the love
  • 11
  •  
  •  
  •  
  •  
    11
    Shares

ඩුබායි හි බන්ධනාගාරයක රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසෙන් මේ වන විට 8 දෙනෙකු නිදහස් කර ඇති බවට වාර්තා වේ. මෙලෙස නිදහස් කළ පිරිස අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවන බිරිය සහ ගායක අමල් පෙරේරා ගේ පුත්‍රයා වන නදිමාල් පෙරේරාද සිටින බව ඩුබායි ආරංචි මාර්ග පවසා සිටී.
ඔවුන්ගේ රුධිර සාම්පල් පරික්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය අන්තර්ගත නොවූ බැවින් ඔවුන් නිදහස් කිරීමට පොලිසිය තීරණය කර ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් දැනට අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ඇතුළු 23 දෙනෙක් ගෙන් යුත් පිරිස හෙට (10) දිනයේදී එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

(Visited 56 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!