මඩකළපුවෙන් පන්නන්න හදන සිංහලයින්ගේ දුක්බර කතාව

Spread the love
  •  
  •  
  •  
  •  

අපි හැඳුනුපතක්‌ හදන්න ග්‍රාම සේවා සහතිකයක්‌ ගන්න පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. එතකොට ග්‍රාම සේවා නිලධාරිවරයා කීවා අනවසර පදිංචිකරුවන් කියලා අපිට එක ලියුමක්‌ දෙන්න… අපි වැඩේ කරලා දෙන්නම් කියලා. මේ විදිහිට තමයි අපිට රාජ්‍ය නිලධාරින් සළකන්නේ. එයාලා කොහොම හරි බලන්නේ අපිව කෙවිලියා මඩුවෙන් පන්නන්න.මඩකලපුවේ සිංහල ජනතාව වූ කලී රජයෙන් කිසිදු හව් හරණක්‌ නොමැතිව අන්ත අසරණව සිටිනා පිරිසකි. යුද්ධයෙන් බැට කා තමන් උපන් ගම් බිම් අත් හැර ගොස්‌ නැවතත් යුද්ධය නිමාවත් සමග පැමිණී මෙම පිරිස අද තමන් උපන් බිමෙහි කල්ලතෝනියන් වී සිටින ආකාරය අප ලියා තැබුවේ වරක්‌ දෙවරක්‌ නොවේ. මේ ආකාරයෙන් මඩකලපුව කෙවිලියාමඩු ජනතාව අන්ත අසරණ භාවයට පත්ව ඇත්තේ ගෝත්‍රික රාජ්‍ය නිලධාරින්ගෙන්ද බැටකමිනි.

ජීවත් වීම ස`දහා ජලය වැනි මූලික පහසුකමක්‌ද නොමැතිව, අලි තර්ජන මැද මේ මිනිසුන් දුක්‌ වි`දින විට පිහිටට හිටියේ මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පමණි. බඩගින්නේ සිටින විට කුස පුරවන්නට අහරක්‌ දී මෙම ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වාතාවරණයක්‌ සකසන්නට මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් වසර ගණනක්‌ තිස්‌සේ මහත් වෙහෙසක්‌ දරමින් සිටිති. ඒ වගත් අප ඕනෑතරම් ලියා ඇත. ආණ්‌ඩුව අ`ද ගොළු බිහිරි වෘත පුරද්දී සුමනරතන හිමියෝ මේ මිනිස්‌සුන්ට ගෙවල් සදා දෙන්නට එකතුවන ලෙස ලෝකයෙන් ඉල්ලා සිටියහ. ඒ ඉල්ලීම ලෝකයට ඇසිනි.

ඒ අනුව සුමනරතන හිමියන්ගේ මැදිහත්වීමෙන් එක්‌සත් අරාබි එමිර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම් ලත් හෙළබිම සංවිධානය සහ ඡේ. එස්‌. ඇන්ඩ් පැකේජින් ආයතනයේ සභාපති නියුමාල් ප්‍රනාන්දු සහ විධායක අධ්‍යක්‌ෂක හේමන්ත තෙන්නකෝන් මහතවරුන්ගේ ආධාර උපකාර මත නිවාස ව්‍යාපෘතියක්‌ ආරම්භ විය. පසුගියදා නිවාස 07 ක්‌ සහ වැසිකිළි 10 ක්‌ පමණ සාදා නිමකර ඒ ඉදිකිරීම් ජනතා අයිතියට පත් කරන ලදී.

මඩකලපුව මංගලරාම විහරස්‌ථානයේ විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් අපට කී කතාව මෙසේය.

මඩකලපුවේ වෙසෙන සිහලයාට රජයෙන් කිසිදු සහනයක්‌ ලැබෙන්නෙ නෑ. අඩුම තරමේ සමෘද්ධි කුපන් පතක්‌වත් නොමැති අහිංසක ජනතාව අන්ත අසරණ වෙලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ගියාම කිසිදු කටයුත්තක්‌ කරගන්න ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. අඩුම තරමින් හැඳුනුම්පතක්‌ වත් හදාගන්න අවශ්‍ය කටයුතු කරලා දෙන්නේ නැහැ. මේ පිළිබඳව කිසිම බලධාරියෙක්‌ කටයුතු කරන්නේ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නය අපට තියනවා. එවැනි තත්වයක්‌ තුළ හෙළබිම සංවිධානයේ සහ ෙ-. එස්‌. ඇන්ඩ් පැකේජින් ආයතනයේ සහයෝගයෙන් මෙම ගම්මානයට මේ වන විට නිවාස 43 ක්‌ සහ වැසිකිළි 12 කට අධික ප්‍රමාණයක්‌ සාදා භාර දීමට හැකිවුණා.

කෙවිලියා මඩුව ගම්මානය සේම මඩකලපුවට අයත් රජයෙන් කිසිදු හව් හරණක්‌ නොලබන තවත් සිංහල ජනයා වෙසෙන කොස්‌ගොල්ල ගමට ගෙවල් 25 ක්‌ සාද තිබෙනවා. සිප්පි මඩුව ගම්මානයට ගෙවල් 07 ක්‌ ලබාදී තිබෙනවා. සනීපාරක්‌ෂක කටයුතු සඳහා අනෙක්‌ ගම්මානවලටත් මේ ආකාරයෙන් වැසිකිළි සාදා දීමට හැකි වුණා. ඒ සඳහාත් විවිධ බාධක රැසක්‌ ආවා. නමුත් ඒම අභියෝග සමගින් මෙම අහිංසක ජනතාවට යම් තරමකින් හෝ හිසට සෙවණක්‌ ලබා දීමට හැකි වුණා. මෙම නිවාස සෑදීමට දායකත්වය දුන් සියලුම දෙනාට මා පින් දෙනවා. උන්වහන්සේ කතාව හමාර කළහ.

“අපිට ඉන් නිවසක්‌ හදලා දීලා වැසිකිළියක්‌ හදන්න උදව් උපකාර කිරීම ගැන අපේ හාමුදුරවන් ඇතු`ඵ සියලුම දෙනාටම බුදු බව අත්වෙන්න ඕන. අපිට රජයෙන් කිසිම ඉඩක්‌ ලැබෙන්නේ නැහැ. අපි පුංචි කාමර කෑල්ලක්‌ හදා ගෙන හිටියේ. වැසි දාට කටු මැටි බිත්ති කඩා වැටෙනවා. සර්පයින් හැමදාම වාගේ එනවා. අපිට හදා දුන්න මේ පුංචි ගෙයක්‌ උනත් එය අපිට මහා මන්දිරයක්‌ වගේ වටිනවා.” කෙවිලියා මඩුවේ එම්. අනෝමා පවසා සිටියාය.

කෙවිලියා මඩුවේ ආර්. ඒ. චන්දානි මෙසේ පවසන්නීය. “අද ගොඩක්‌ සතුටු දවසක්‌… මේ විදිහට හරි හිසට සෙවණක්‌ හදා ගන්න පු`ඵවන් උනේ මඩකලපුවේ හාමුදුරුවන්ට පින් සිදු වෙන්න. හාමුදුරුවෝ නැතිනම් අපිට වෙන්නේ මොකක්‌ද කියලා හිතා ගන්නත් බැහැ. අපිට අලි කරදර නිතරම තියෙනවා. පායන කාලේට බොන්න වතුරු ටිකක්‌ හොයන්න හැතැප්ම තුන හතරක්‌ යන්න වෙනවා. පාසලට ළමයින්ට යන්න බස්‌ රථයක්‌ නැහැ. රැකියාවකට යන්න ග්‍රාමසේවා සහතිකයක්‌ ගන්න විදිහක්‌ නැහැ . මඩකලපුවේ හාමුදුරුවෝ නැත්නම් මෙලහකටත් අපි මැරිල ගිහින්…” ඇය පැවසුවාය.

“අපි හැඳුනුපතක්‌ හදන්න ග්‍රාම සේවා සහතිකයක්‌ ගන්න පට්‌ටිපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. ඔය කට්‌ටියට ග්‍රාමසේවා සහතිකයක්‌ දෙන්න බැහැ, අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නේ කීවා. නමුත් අපි කොටි කලබල තිබෙන සමයෙත් මෙහි පදිංචි වෙලා හිටියා. පස්‌සේ කලබල ඉවර වුණාම තමයි නැවතත් පදිංචියට ආවේ. අපි ඒ ගැන කියද්දී ග්‍රාම සේවා නිලධාරීන් ඒවා කිසි ගානකට ගත්තේ නැහැ. ප්‍රාදේශීය ලේකම්වරිය ළ`ගටත් දැම්මා. පස්‌සේ එයාල කීවා අපි අනවසරයෙන් තාවකාලිකව පදිංචි වෙලා ඉන්නේ කියලා ලියුමක්‌ දෙන්න, අපි එතකොට හැඳුනුම්පත හදන්න ඕන කටයුතු කරලා දෙන්නම් කියලා. පස්‌සේ අපි එහෙම කරන්න බැහැ කියලා ආවා. එතකොට ග්‍රාම සේවා නිලධාරිවරයා එළියටත් ඇවිත්කීවා අපිට එක ලියුමක්‌ දෙන්න… අපි වැඩේ කරලා දෙන්නම් කියලා. මේ විදිහිට තමයි අපිට රාජ්‍ය නිලධාරින් සළකන්නේ. එයාලා කොහොම හරි බලන්නේ අපිව කෙවිලියා මඩුවෙන් පන්නන්න. අපේ අවසනාවට මේක අපේ ඉහළ බලධාරීන්ට පේන්නේ නැහැ. දැක්‌කත් නොදැක්‌කා වාගේ ඉන්න ගාණයි. අපට නිවාසයක්‌ සහ වැසිකිළි ඉදි කරලා දීමට කටයුතු කළ අපේ හාමුදුරුවන්ට සහ සියලුම දෙනාට පින් සිදුවෙන්න අපි නොතෙමි ඉන්නවා.” එසේ කියන්නේ කෙවිලියාමඩුවේ පදිංචි ආර්. බී. තිලකරත්නය.

මේ ආකාරයෙන් උපන් බිමේ කල්තෝනියන් වී සිටින මඩකලපුව සිංහල ජනයාගේ කතාව නිමක්‌ වන්නේ නැත. නිමක්‌ කරන්නට ඇවැසි පිරිසරයක්‌ නිර්මාණය වන්නේත් නැත. ඔවුන් ජීවත් වන්නේ ආණ්‌ඩුවක්‌ නැති රටකය. ආණ්‌ඩුවක්‌ නැති රටක ජීවත්වන මිනිස්‌සුන්ගේ ජීවිත ඛේදවාචකය බිහිසුණුය.

සුසන්ත අමරබන්දු

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!