”මට මෙහෙම උනේ මෛත්‍රී නිසා..සජිත් අගමැති කරලයි පස්ස බලන්නේ”..වරුණ ප්‍රියන්ත

”මට මෙහෙම උනේ මෛත්‍රී නිසා..සජිත් අගමැති කරලයි පස්ස බලන්නේ”..වරුණ ප්‍රියන්ත

Spread the love
  •  
  •  
  •  
  •  

අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය වෙනුවෙන් පාර්ලිමේන්තුව අද(03) දහවල් 01ට යළි රැස්විය.
සභාවේ කටයුතු ආරම්භයේදීම පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ඒ රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන වෙනුවෙනී.
පසුව වරුණ ලියනගේ මන්ත්‍රීවරයා දිවුරුම් දීමෙන් අනතුරුව විපක්ෂයේ අසුන් ගත්තේය.
මෙහිදී සභාව අමතමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ 2015 දී රත්නපුරයේ ජනතාව තමාට ඡන්දය ලබා දී රටේ අනාගතය නිර්මාණය කිරීමට අවස්ථාව ලබා දුන් නමුත් එම අවස්ථාව හිමි නොවුන බවත්ය.
රංජිත් සොයිසා මන්ත්‍රිවරයාගේ අභාවෙන් පසුව තමාට ඊළඟ මනාප හිමිව තිබු බැවින් පාර්ලිමේන්තුවට ඒමට අවස්ථාව හිමිවු බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
තමා හදිසියේ පක්ෂයට නාමයෝජනා බාර දුන් බවත් එවකට පක්ෂයේ සභාපතිධූරය දැරණු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් කියා සිටියේය.
අද දිනයේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවේ ද එදා මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගනු ලැබු වැරදි තීරණයක් නිසා බවද පැවසීය.
ඒ නිසාවෙන් තමා එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරියේ දී දේශපාලනය කරන බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ විපක්ෂ නායක ධූරය ඉදිරියට ගෙන ගොස් අගමැතිධූරය දක්වා කටයුතු කිරීමට මහන්සි වෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය

(Visited 49 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!