මට බොළඳ ප්‍රශ්න නැහැ..ආණ්ඩුව පලවා හැර ජනහිතකාමී මාවතක උනන්දුවක් පේනවා-සජිත්

Spread the love
  •  
  •  
  •  
  •  

එක්සත් ජාතික පක්ෂයේ හැටඅට වැනි සංවත්සරයෙන් පසුව පාක්ෂිකයින්ගේ විශාල ප්‍රබෝධයක් ඇතිව තිබෙන බවත් පටු වාද භේද පිටුදැක සියලුදෙනා අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතු කාලය පැමිණ ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.තමාට තනතුරු සහ පුහු සාටෝපයන් පිළිබඳ බොළඳ ප්‍රශ්න නොමැති බවද මන්ත්‍රීවරයා පැවැසුවේය.වත්මන් ආණඩුව පලවාහැර වඩාත් ජනතා හිතවාදී නව පාලනයක් ගොඩනගාගැනීමට රට පුරා සැබෑ උනන්දුවක් ඇතිවෙමින් තිබෙන බවත් ඒ බව එක්සත් ජාතික පාක්ෂිකයා තුළ ගොඩනැගී ඇති උනන්දුවෙන් පෙනී යන බවත් හෙතෙම සඳහන් කළේය.
ජනතාව එක්සත් ජාතික පක්ෂය සමග නම් දැන් අවශ්‍ය වන්නේ රට විනාශයෙන් මුදවාගෙන ජනහිතකාමී මාවතක් ඔස්සේ ඉදිරියට යමින් රටේ ජන ජීවිත සුඛිත මුදිත කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් හා යාන්ත්‍රණයක් බවද ඔහු කීය. ඊට බාධා පමුණුවන්නේ ගැන කරදර විය යුතු නැති බවත් ජනතාව ඔවුන් ගැන බලා ගනු ඇති බවත් හෙතෙම කීය.
එක්සත් ජාතික පක්ෂය ඉලක්කය කරා ඇදෙන ගමන තව තවත් ශක්තිමත් හා වේගවත් කිරීමට කටයුතු කරන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස කීය.

(සංජය නල්ලපෙරුම)

(Visited 14 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!