”මට ගහන්න මහින්ද කොන්ත්‍රාතුවක් දීලා”-කඩු  සිරිසේන

”මට ගහන්න මහින්ද කොන්ත්‍රාතුවක් දීලා”-කඩු සිරිසේන

Spread the love
  •  
  •  
  •  
  •  

තමාට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම එය ප්‍රචාරණ ආයතනයකට බාර දී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) ප්‍රකාශ කර තිබේ. 
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ, පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසක් එක්ව ඊයේ (23) සවස සංවිධානය කර තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ රැලිය අමතමිනි.
තමාට විරුද්ධව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට නොහැකි බැවින් පෞද්ගලික ජීවිතය අලලා මඩ ගැසීම මෙම පිරිසේ සැලසුම වී තිබෙන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ,
ඉකුත් දිනකදී මෙම පිරිස එක්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවත්, එම සාකච්ඡාවට සම්බන්ධ වූ අයෙකු තමන්ට සියලු විස්තර ලබාදුන් බවත්ය.  
ඒ අනුව ඉදිරියේදී වෙබ් අඩවි ඇතුළු අනෙකුත් මාධ්‍යවල මඩ ප්‍රචාර දියත් කිරීමට මෙම පිරිස සැලසුම් කර ඇති බවත්, තමාට මඩ ගසමින් කුමක් ප්‍රචාරය කළද තමන් ඒ කිසිවකට බිය නොවන බවත් සඳහන් කර තිබේ.   
පසුගිය ජනාධීපතිවරණයේදී ද තමන්ට විරුද්ධව මඩ ප්‍රචාර දියත් කළ බවත්, එවැනි බාල උපක්‍රම මගින් තමන්ගේ ජයග්‍රහණය වැළැක්වීමට නොහැකි වූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබේ.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!