“මට කලකිරීමක්‌ නැහැ. මාව මාරු කළේ ඇත්ත කී නිසා” – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්

“මට කලකිරීමක්‌ නැහැ. මාව මාරු කළේ ඇත්ත කී නිසා” – රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්

Spread the love
  •  
  •  
  •  
  •  

“මගේ ස්‌ථාන මාරුව ගැන මට කලකිරීමක්‌ නැහැ. මාව මාරු කළේ ඇත්ත කියූ නිසා” යෑයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා පවසයි. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජිනසිරි දඩල්ලගේ මහතා පෙරේදා (05 වැනිදා) සිට බලපැවැත්වෙන පරිදි තැපැල් අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් කර යෑවීමට ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා විසින් පියවර ගෙන ඇත. දඩල්ලගේ මහතාගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් කළ විමසීමේදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“මං රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාරගැනීමෙන් පසු හිතට එකඟව වැඩ කළා. මට කරන්න බැරි දෙයක්‌ කවුරු හරි කිව්වොත් මම ඒක කරන්න බැරි බව කෙළින්ම කියනවා. එක එක්‌කෙනාට නැවෙන්න යන්නෙ නැහැ.
මම හිතන්නේ මගේ ස්‌ථාන මාරුවට හේතුව කෙළින් කතා කර කෙළින් වැඩ කිරීමයි. මට ඒ නිසා කනගාටුවක්‌ නැහැ. මගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් අභියාචනයක්‌ ඊයේ යෑව්වා. ඒ අභියාචනයට සාධාරණයක්‌ ඉටු වුණොත් ඉන්නවා. නැත්නම් මම විශ්‍රාම යනවා. මාව මාරු කළේ වැරැද්දකට නොවෙයි රාජ්‍ය නිලධාරීන් මුහුණපා සිටින ඇත්ත කියන්න ගිය නිසයි කියලා මම හිතනවා.
මම පසුගියදා ජුනි 26 දා “දිවයින ඉරිදා සංග්‍රහය’ට සම්මුඛ සාකච්ඡාවක්‌ දුන්නා. එමගින් රජයේ නිලධාරීන් මුහුණ දෙන ගැටලු ගැන විග්‍රහයක්‌ කළා. එහිදී “සියලු රාජ්‍ය නිලධාරීන්ගේ ගැටලු ගැන මට වගකීමක්‌ තියෙනවා” “කයිවාරු දොඩවන යහපාලනයේ ඇති වැඩේ මොකක්‌ද?” සිල් රෙදි අල්ලස්‌ නම් ජන සවිය, සමෘද්ධි, දිවි නැඟුම ඒවත් අල්ලස්‌නෙ කියලා පැවසුවා.
මේ කියපු දේවල් හිතට එකඟවයි මම කිව්වේ. දේශපාලනඥයෝ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්‌ දීලා පස්‌සේ රාජ්‍ය නිලධාරීන් නීතිය හමුවට ගෙනියනවා. ඒක කරනවා නම් මටත් ඒක වෙන්න ඕන කියලා මම පුවත්පතට කියලා තිබුණා. මේ කාරණා මගේ ස්‌ථාන මාරුවට බලපාන්න ඇති කියා මා හිතනවා.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් ජිනසිරි දඩල්ලගේ මහතා අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු වැඩ බලන ලේකම් ලෙස එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කළ එම්. අබේගුණවර්ධන මහත්මිය පත් කර ඇත.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!