“මට එක මතක් වෙනකොට ……,……”- රතන හිමි හඩා වැටෙයි (VIDEO)

“මට එක මතක් වෙනකොට ……,……”- රතන හිමි හඩා වැටෙයි (VIDEO)

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

ග්ලයිෆොසෙට් නියාමනය කිරීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි නීතිමය ලියවිල්ලක් සැකසිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.උන් වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (05) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වීමෙන් අනතුරුවයි.මෙම අරගලය වෙනුවෙන් තමා ජීවිතය පුජා කිරීමට වුවද සුදානම් බව කියා සිටි රතන හිමියන් බොහෝමයක් තමා තනිවෙන බව කියා සිටි බව ද පැවසීය.කෙසේ වෙතත් සමාජය දැනුවත් කිරීමේ වැඩපිළිවෙලට මීට වඩා වැඩි දායකත්වයක් ලබා දිය යුතු බවත් පැවසු උන්වහන්සේ, අතීතයේ එක් සිදුවීමක් සිහි කරමින් බොහෝ හැඟිම්බර ලෙස කඳුළු සලන්නට ද විය.වකුගඩු රෝගය නිසා පියාත් බාප්පාත් දෙදෙනාම මිය ගොස් සිටි, වයස අවුරුදු 20ක් පමණ වු තරුණයෙකු වකුගඩු රෝගය වැළඳී සිටි බවත් ඔහුට ප්‍රතිකාර කිරීම සඳහා තම වියදමින් ඉන්දියාවට යැවුවත් වයස අවුරුදු 26 ක් පමණ වන විට එම තරුණයා මිය ගිය බව ද උන්වහන්සේ පැවසීය.එවැනි පුද්ගලයින් දුටු විට හිතට අමාරු බවත් ආණ්ඩුවට ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බවත් පැවසු රතන හිමියන්, ලෝකයේම අවධානය යොමුව ඇති කාරණයක් එකතු වි කතා කිරීමට හෝ බැරිවීම කණගාටුවට කරුණක් බවද පැවසීය.අද වන විට මේ පිළිබඳ සමාජයේ කතිකාවක් නිර්මාණය වී නැත්තේ ඒ පිළිබඳ පවතින අඩු දැනුවත් භාවය නිසා බව ද කියා සිටි උන්වහන්සේ, අද වන විට කිසිදු දේශපාලන නායකයෙක් මේ පිළිබඳ කතා නොකරන බව ද සඳහන් කළේය.කෙසේ වෙතත් ජනතාව සුදානම් නම් මෙය ආපසු හැරවිය යුතු බව ද උන්වහනසේ තරයේ කියා සිටියේය. එම වීඩියෝව පහතින්,

(Visited 68 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!