“මට ඇති… දේශපාලනයෙන් සමුගන්නවා..” – ඇමති ජෝන්

“මට ඇති… දේශපාලනයෙන් සමුගන්නවා..” – ඇමති ජෝන්

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

තරුණ මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව ලබාදෙමින් ඉදිරියේ දී දේශපාලනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග කියා සිටී.
අමාත්‍යවරයා මෙම අදහස්‌ පළ කළේ නාත්තන්ඩිය ආසනයේ ඉදිවෙමින් පවතින අශෝකපුර නිවාස ව්‍යාපෘතියට සමගාමීව ප්‍රජා ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි.
මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිවන නිවාස ගණන 105 කි. අක්‌කර 10 ක්‌ තුළ එහි ඉදිකිරීම් කටයුතු සිදුවන අතර මේ වන විට එම නිවෙස්‌වල වහළ මට්‌ටම දක්‌වා ඉදිකිරීම් අවසන් වී තිබේ. 2016 වර්ෂයේ මැයි මස 18 වැනි දින නිවාස ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි.
එක්‌ පවුලක්‌ සඳහා පර්චස්‌ 12 ක ඉඩම් කොටසක්‌ නොමිලේ ලබාදෙන අතර නිවාස ඉදිකිරීම සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මගින් සහන පොලී පදනම මත ණය මුදලක්‌ ලබාදෙයි. පුත්තලම දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝaක ප්‍රියන්ත මහතාගේ අදහසකට අනුව මෙය ක්‍රියාවට නැංවේ.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කියා සිටියේය.
“අද පාර්ලිමේන්තුවේ දක්‌ෂ තරුණ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ඉන්නවා. මම කල්පනා කළා මම සේවය කළා ඇති කියලා. අපි තරුණයන්ට අවස්‌ථාව ලබාදෙන්න අවශ්‍යයි. මම කවදාවත් පැරදුණේ නෑ. අඛණ්‌ඩව දිනුවා… ඒ ජනතාවට හොඳින් සේවය කළ නිසා.
අද තියෙන්නෙ එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතුවෙලා හදපු ආණ්‌ඩුවක්‌. සමහර කණ්‌ඩායම් බල තණ්‌හාවෙන් ආණ්‌ඩුවේ ගමනට බාධා කරනවා. මොන විදිහේ කුමන්ත්‍රණ කළත් අපිව වට්‌ටන්න බෑ. එවැනි කණ්‌ඩායම් එළවන්නෙ මදුරුවන්ට දුම් ගහලා පාලනය කරනවා වගේ.
අද මම මේ නිවාස ව්‍යාපෘතිය හොඳින් නිරීක්‍ෂණය කළා. අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා දක්‌ෂ මන්ත්‍රීවරයෙක්‌. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්මයාගේ ගම්උදාවට සමාන කරන්න හැකි වැඩසටහනක්‌ මෙය. මෙය සෙසු තරුණ මන්ත්‍රීවරුන්ට ලොකු ආදර්ශයක්‌. නාත්තන්ඩිය ආසනයේ වසර ගණනාවක්‌, එක්‌සත් ජාතික පක්‌ෂ මන්ත්‍රීවරයෙක්‌ හිටියේ නෑ. ඒ අඩුව අද සම්පූර්ණවෙලා තියෙනවා.
අපි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කරගෙන යනවා. නැවත ආසන ක්‍රමය එනවා. එමෙන්ම නගර සභා, ප්‍රාදේශීය සභා කොට්‌ඨාස ක්‍රමය ගේනවා. එතකොට මන්ත්‍රීවරුන්ට දිස්‌ත්‍රික්‌කය පුරා දුවන්න ඕන නෑ. තමන්ගෙ ආසනය ශක්‌තිමත් කරගෙන වැඩ කරන්න හැකි වෙනවා. මේ මගින් නාස්‌ති වන විශාල මුදලක්‌ ඉතිරි කරගන්න පුළුවන්.
අශෝක මන්ත්‍රීවරයාගේ 37 වැනි ජන්ම දිනයට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. අදියර කිහිපයකින් ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිය මෙම වසර නිමවීමට පෙර අවසන් කරන බවත්, මීළඟ අදියරේ නිවාස
168 කින් යුත් නිවාස ව්‍යාපෘතියක්‌ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අශෝක ප්‍රියන්ත මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!