“මට අද එහෙ මෙහෙ යන්න වෙලා තියෙන්නේ මගේ ආරක්ෂකයෝ ගෙදර තියලයි” – මහින්ද

Spread the love
  •  
  •  
  •  
  •  

ජනතාවගේ ආරක්‍ෂාව මිස අද තමන්ට වෙනත් ආරක්‍ෂාවක්‌ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.
“තවම මගේ සල්ලි හොයනවලු ඉතියෝපියාවේ බැංකුවල, රත්තරන් අශ්වයෝ හොයනවා. මේවා ඔක්‌කොම සොයාගෙන එනකොට තව කාලයක්‌ ගතවෙයි. මමත් බලාගෙන ඉන්නේ මේව අරගෙන එනකම් මටත් ටිකක්‌ ඉල්ලගන්න.” යෑයි ද හෙතෙම පැවැසීය.
බණ්‌ඩාරගම වෑවිට පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්‌ථානයේ දී පෙරේදා (30 දා) පැවැති ජයපිරිත් දේශනාවකට එක්‌වෙමින් ඒ මහතා මෙම අදහස්‌ පළ කළේය.
ත්‍රස්‌තවාදයෙන් රට නිදහස්‌කර දුන් හිටපු ජනාධිපතිවරයාට කෘතගුණ සැලකීම සඳහා පැවැත්වූ මෙම ආශිර්වාදාත්මක ජයපිරිත් සඡ්ජාධායනාව සඳහා කළුතර දිසා ශාසනාරක්‍ෂක බල මණඩලයට අයත් මහා සංඝරත්නය විශාල පිරිසක්‌ වැඩම කර සිටියහ.
මෙම ජයපිරිත් දේශනාව බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී, ලලිත් එල්ලාවල මහතාගේ අදහසකට අනුව ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරධිකාරි, ශාස්‌ත්‍රපති, පන්නිල තිලක හිමියන්ගේ අනුශාසකත්වයෙන් සංවිධානය කර තිබිණි.
ජයපිරිත් දේශනාව අවසානයේ ජනතාව අමතා මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද පැවැසීය.
“මගේ ආරක්‍ෂාව අඩුකරල. මට ආරක්‍ෂකයෝ හිටියත් ඔවුන්ට යන්න එන්න වාහන නැහැ. ඉන්ධන නැහැ. ආරක්‍ෂකයෝ ගෙදර තියලයි මට එහේ මෙහේ යන්න වෙලා තියෙන්නේ.
පසුගිය මැතිවරණ රාශියකටම අපිට ඉහළම ජයග්‍රහණ ලබාදුන්න ජනතාවක්‌ බණ්‌ඩාරගම සිටින්නේ. ඒ නිසා මම දන්නව, බණ්‌ඩාරගම ජනතාව මගේ ආරක්‍ෂාවට වැටකඩුළු බඳින බව. මම බය නැතිව මේ ආරාධනාව බාරගත්තේ ඒ නිසයි.
ජයපිරිත් දේශනාව සඳහා පූජ්‍ය කරන්නාගොඩ අමරවංශ, මීවනපලානේ සුමේධ, ගල්තුඩේ පඤ්Æකිත්ති නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළ අතර මෙම අවස්‌ථාවට හිටපු අමාත්‍යවරුන් වන ගාමිණී ලොකුගේ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර යන මහත්වරුද, බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මහජන නියෝජිතයන් රැසක්‌ද එක්‌වී සිටියහ.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!