“මගේ ළඟ තියෙන න්‍යෂ්ටික බොත්තම උඹගේ එකට වඩා ලොකුයි… ළඟදීම ඒක ඔබනවා…” – ට්‍රම්ප්

“මගේ ළඟ තියෙන න්‍යෂ්ටික බොත්තම උඹගේ එකට වඩා ලොකුයි… ළඟදීම ඒක ඔබනවා…” – ට්‍රම්ප්

Spread the love
  •  
  •  
  •  
  •  

ලොව වඩාත්ම බලගතු හා න්‍යෂ්ටික අවි භාවිත කිරීමේ ශක්‌තිය ඇත්තේ තමාට බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී.
ඇමරිකානු ජනපතිවරයා “ට්‌විටර්” පණිවුඩයක්‌ ඔස්‌සේ එම ප්‍රකාශය කර තිබෙන්නේ උතුරු කොරියානු නායකයාගේ නව අවුරුදු ප්‍රකාශයට ප්‍රතිචාර දක්‌වමිනි.
“න්‍යෂ්ටික බොත්තම සෑම විටම තමන්ගේ මේසය මත” යෑයි උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ප්‍රකාශ කළා. ඊට වඩා විශාල හා බලගතු න්‍යෂ්ටික බොත්තමක්‌ ඇමරිකාවට තිබෙනවා. විඩාවෙන් හා කුසගින්නෙන් පෙළෙමින් උතුරු කොරියාව තුළ වෙසෙන කවරෙක්‌ හෝ කිම් ජොන් අන් වෙත දන්වා සිටියොත් හොඳයි· ඔහුගේ බොත්තමට වඩා මගේ බොත්තම විශාල බවත් එය කඩිනමින් ක්‍රියාත්මක වන බවත් කිව යුතුයි යෑයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්‌විටර් පණිවුඩයේ සඳහන් වේ.
න්‍යෂ්ටික අවි දරන මෙම දෙරටේ නායකයන් අතර වර්ධනය වන පුද්ගලිකත්වය ඉලක්‌ක කරගත් ගැටුමේ ආසන්නම සිදුවීම ට්‍රම්ප්ගේ මෙම ට්‌විටර් පණිවුඩය වෙයි. ට්‍රම්ප්ගේ මෙම තර්ජනාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලයෙහි ඉතා වේගයෙන් විකාශනය වී ඇත.
එසේම තමන් සතුව ඇති ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාව ප්‍රයෝජනයට ගැනීම සම්බන්ධයෙන් කවර හෝ ඇමරිකානු ජනපතිවරයකු සතු තීරණ ගැනීමේ හැකියාව ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කරයි.
ඇමරිකානු නායකයාගේ මෙම බරපතළ ප්‍රකාශය නිසා රාජ්‍ය තාන්ත්‍රික භාෂාව පිළිබඳ නැවත සාකච්ඡාවක්‌ මතුවීමට ඉඩ තිබේ.
එසේම තමන් සතුව ඇමරිකාවට පහරදීමට ශක්‌තිමත් න්‍යෂ්ටික බලයක්‌ ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කරයි. එහෙත් සතුව ඊට අවශ්‍ය තාක්‍ෂණය ඇත්තේ දැයි පැහැදිළි වී නැත.
න්‍යෂ්ටික අවි භාවිත කරන බවට ලෝක නායකයන් කරන ප්‍රකාශ පිළිබඳව අන්තර්ජාලය තුළ අනතුරු ඇඟවීම් සිදුවී ඇත.
මේ අතර දකුණු කොරියානු සන්නද්ධ හමුදා ප්‍රධානීන් නිකුත් කළ ප්‍රකාශයකට අනුව උතුරු කොරියාවේ ප්යෝන්ගන් පළාතේ ප්යෝන්ග්සොන් හි සිට මිසයිලයක්‌ ගුවන්ගත වී තිබේ.
සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් උණුසුම වැඩිවෙද්දී මේ වසරේදී උතුරු කොරියාව මිසයිල කිහිපයක්‌ අත්හදා බැලීය.
උතුරු කොරියාව පසුගිය සැප්තැම්බරයේදී අවසන් වරට බැලිස්‌ටික්‌ මිසයිලයක්‌ අත්හදා බැලුවේ තම හයවැනි න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් දින කිහිපයකට පසුය.
මේ අලුත්ම මිසයිලයේ ගමන් මග විමර්ශනය පිළිබඳව දකුණු කොරියානු හා ඇමෙරිකානු බලධාරීන් විමර්ශනය කරමින් සිටින බව දකුණු කොරියානු හමුදා නිවේදනයක සඳහන් වේ.
එසේම තමන්ගේම මිසයිල ක්‍රියාකාරීත්වයකින් ඊට ප්‍රතිචාර දැක්‌වූ බවද දකුණු කොරියානු හමුදාව පැවසීය.
ඇමරිකාවේ ප්‍රධාන භූමි ප්‍රදේශයට ළඟාවිය හැකි දිගු දුර මිසයිල සංවර්ධනයට උතුරු කොරියාව අවධානය යොමුකර ඇති බවට සැකකෙරේ.
පසුගිය ජුලි මාසයේදී තමන් විසින් අත්හදා බලන ලද දිගු දුර මිසයිලය “ලොව ඕනෑම තැනකට” එල්ල කළ හැකි බව ප්යෝන්ග්යෑන්ග් නිලධාරීන් පැවසුවද ඇමරිකානු හමුදාව එය හඳුන්වා දුන්නේ අතරමැදි දුර මිසයිලයක්‌ ලෙසිනි.

(Visited 38 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!