“මගේ දරුවෝ දෙන්නත් බැඳලා ඉන්නේ සිංහල කාන්තාවන්… ඉස්සෙල්ලා අපේ අයිතීන් දෙන්න.. පස්සේ තව බන්දමු..”

“මගේ දරුවෝ දෙන්නත් බැඳලා ඉන්නේ සිංහල කාන්තාවන්… ඉස්සෙල්ලා අපේ අයිතීන් දෙන්න.. පස්සේ තව බන්දමු..”

Spread the love
  •  
  •  
  •  
  •  

ව්‍යවස්ථානුකුලව දෙමළ ජනතාවට හිමිවිය යුතු අයිතිවාසිකම් ලබා දී ඉන් පසු අන්තර් විවාහ සිදු කර ගත හැකි බව උතුරු පළාත් මහ ඇමති සිවි විග්නේශ්වරන් පවසයි.
උතුරු පළාතේ නව ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සිය ධුරයේ වැඩ භාර ගනිමින් ජාතීන් අතර අන්තර් විවාහ සිදු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අතර එයට ප්‍රතිචාර දක්වමිනුයි උතුරු පළාත් මහා ඇමතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහභාගි වූ යාපනය මධ්‍ය මහා විද්‍යාල කි්‍රඩාංගණයේ පැවැති 09 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය අමතමිනුයි මහ ඇමතිවරයා එම අදහස පළ කළේ.
‘මම අන්තර් විවාහ වලට විරුද්ධ නැහැ, මගේ දරුවෝ දෙන්නත් බැඳලා ඉන්නේ සිංහල කාන්තාවන්, නමුත් දෙමළ ජනතාවට ව්‍යවස්ථාවෙන් ඇති අයිතිවාසිකම් ලබා දී ඉන් පසු අන්තර් විවාහ කර ගන්න පුළුවන්’ මහ ඇමතිවරයා කියා සිටියේය.

(Visited 40 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!