මක්කමට “හලාල්” SEX කඩයක්

මක්කමට “හලාල්” SEX කඩයක්

Spread the love
  •  
  •  
  •  
  •  

තමන් ශුද්ධවූ මක්කම නගරය තුළ ෂරියා නීතියට අනුකූල ලිංගික භාණ්ඩ අලෙවිසැලක් පිහිටුවන බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නැතැයි අබ්ඩෙල්අසීස් ඖරා පවසා තිබේ.
ලොව පළමු හලාල් ලිංගික අලෙවිසැල වන ඇමස්ටර්ඩෑම්හි එල් අසිරා වෙළඳසැල ඇරඹූ ඖරා සිය ව්‍යාපාරය මක්කම දක්වා ව්‍යාප්ත කරනු ඇතැයි පුවත් වෙබ් අඩවි වල මුලින්ම වාර්තා කෙරිණි.
ඉන්පසු එය ඉතාමත් උණුසුම් මාතෘකාවක් බවට පත්විය. ඖරා පවසා ඇත්තේ තොරතුරු විකෘති කරන්නේ මාධ්‍යවේදීන් විසින් බවයි.
වසරකට පමණ පෙර ලිහිසි ද්‍රව්‍ය හා යට ඇඳුම් වැනි එල් අසිරා නිෂ්පාදන සඳහා ප‍්‍රවර්ධන මධ්‍යස්ථානයක් පිළිබඳ අදහස තමන් පළ කළද එය සිදුකරන බවක් තමන් නොපැවසූ බව ඔහු පවසා තිබේ.
මෙම පුවත් පළවීමෙන් පසු ලොව නන්දෙසින් බොහෝ දෙනෙක් තමන්ට අමතමින් මේ පිළිබඳ විමසන බවස අබ්ඩෙල්අසීස් ඖරා සඳහන් කර ඇත.
ඔහු පවසා ඇත්තේ ලිංගිකත්වය යන වදන මාධ්‍යවේදීන් විසින් අනවශ්‍ය ලෙස ඉස්මතු කරන බවයි.
ඉස්ලාමික සම්ප‍්‍රදාය තුළ ලිංගිකත්වය පිළිබඳ දැඩි වාරණයන් පැවතියද ඒ තුළ ලිංගික ආශ්වාදය ලබාගැනීමේ අවකාශය තහවුරු කර ඇති බව ඖරාගේ අදහසයි.
ලිංගික සංවේදනයන් තීව‍්‍ර කිරීම තම නිපැයුම් වල අරමුණ බවත් වික්ටෝරියාස් සීක‍්‍රට් හා නයෝමි වැනි ලෝප‍්‍රකට කාන්තා යට ඇඳුම් නිෂ්පාදකයන් සවුදි අරාබිය තුළ වෙළඳසැල් පිහිටුවා ඇති බවද ඔහු පවසා තිබේ.

(Visited 67 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!