“මං කලේ බොරු. වරද පිලිගන්වා. මරණ දඬුම වුවද විදින්න ලෑස්තියි” – නාමල් කුමාර කියයි(වීඩියෝ)

“මං කලේ බොරු. වරද පිලිගන්වා. මරණ දඬුම වුවද විදින්න ලෑස්තියි” – නාමල් කුමාර කියයි(වීඩියෝ)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

හමුදාවට බැදීම සදහා තමන් ව්‍යාජ අධ්‍යපන සහතික ඉදිරිපත් කළ චෝදනාව තමන් පිලිගන්නා බව දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා පවසයි. එම වරද සදහා අධිකරණය විසින් දෙනු ලබන්නේ මරණ දඬුවමක් වුවද එය බාර ගන්නා බවත් ඔහු කියයි. නමුත් එම දඬුවමට බිය වී ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය යට ගැසීමට තමන් සූදාපම් නැති බවත් ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේය.ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් මෑත කාලයේදී තොරතුරු විශාල ප‍්‍රමාණයක් හෙලි කරන ලද්දේ නාමල් කුමාර විසිනි.ඒ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු සිදුවෙමින් තිබියදී රහස් පොලීසිය විසින් අධිකරණයට වාර්තා කර ඇත්තේ නාමල් කුමාර හමුදාවට බැදීම සදහා අධ්‍යාපන සහතික ව්‍යාජ ලෙස ලසක් කර ඇති බව හෙලිව තිබෙන බවයි.

(Visited 79 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!