“මං කලබල වෙලා කරගත්ත දේ නිසා අද මම හිරබත් කනවා”

Spread the love
  •  
  •  
  •  
  •  

ඉවසීම ගැන කථා කරන විට මට මතක් වුයේ මෑතකදී මා කියවූ හරි දත් ශර්මා ගේ ”මනසේ සාමය” නම් වූ ග්රීන්ථයේ ඉවසීම අර්ථ දක්වා තිබු අයුරුයි.
“ඉවසීම නොමැතිකමින්
මනසේ සතුරෙකු සැඟවේ. – එය ආත්මාර්ථකාමීතත්වයට හඬ ගසයි
සිතේ සාමය නැති කරයි – එය මිතුරන් නැති කරයි – තනිකමට අඩ ගසයි ……”
ඔහු එසේ කීවද මේ කතාවත් තවත් එක් සත්යන කතාවකි. ඉවසීම නොමැතිවීම නිසා යථාර්ථයට මුහුණ දුන් බිත්ති හතරක සිරවූ තරුණයෙකුගේ දුක්බර කතාවයි මේ. ඔහු කතාව ඇරඹුවේ මෙලෙසය.
“උඹේ තාත්තා ඉන්නේ හිරේ…”
“උඹගේ තාත්තා මිනිමරුවෙක් …….”
“උඹ ඒ මිනීමරුවාගේ පුතා ……”
“ඉස්සර මට යාළුවෝ කතා කළේ අන්න එහෙම. ඒ නිසා මං ගෙදර ගිහිල්ලා තාත්තා ගැන අහනවා. ඒ නිසාම මං හිතුවා කවදා හරි මං හොඳ කෙනෙක් වෙනවා කියලා. ඒ කාලේ මට තේරුණේ නැහැ හිරගේ කියන්නේ මොකක්ද කියලා. මට මගේ තාත්තගේ මුහුණ මතකත් නැහැ. ඉස්කෝලේ ළමයි අර විදිහට කියන කාලේ මම හිටියේ ඉස්කෝලේ හතේ පන්තියේ විතර.”
“මගේ තාත්තා හිරේ ගිහිල්ලා තියෙන්නේ මම හුගාක් පොඩි කාලේ. දැන් මගේ වයස අවුරුදු තිස් දෙකයි. ඒත් අපි වැටිච්ච් මිනිස්සු නෙමෙයි. අපි නැගිට්ටා. එහෙම වෙන්න පුළුවන් කම ලැබුණේ අම්මයි තාත්තායි හින්දා. මගේ තාත්තා දැන් හොද ගොවියෙක් ..”
තාත්තා හිරේට ගිය හේතුව මොකක්ද දන්නවාද ….
මේ කතාව අදහාගත නොහැකි කතාවක්. තාත්තාට හිරේට යන්න වුණේ කිසිම වරදක් නොකර. තාත්තගේ පවුලේ ඔක්කොම සහෝදරයෝ පස්දෙනයි. තාත්තා තමයි වැඩිමලා. තාත්තලාට ඒ කාලේ ගොඩක් දේපළ තිබිලා. ඒත් තාත්තා විවාහ වුනාට පස්සේ තාත්තාගේ අනිත් සහෝදරයෝ බයවෙලා තාත්තා තනියම ඒ දේපළ භුක්ති විදිවි කියලා. ඒ ගොල්ලෝ තමයි තාත්තාව වැඩකට නැති දෙයකට පටලවලා හිරේ යැව්වේ …” “දවසක් එහා ගෙදර ආරවුලක් බේරන්න අපේ තාත්තා ගිහින් තියනවා. ඒ වෙලාවේ කොහොම හරි මිනිහෙක් මැරිලා. හැමෝම පැනලා දිව්වම තාත්තා විතරයි ඒ මනුස්සයව බේරගන්න ඉස්පිරිතාලේ අරගෙන ගිහින් තියෙන්නේ. වටේම ඉන්නේ තාත්තගේ සහෝදරයෝ. හැමෝම සාක්කි දීලා තියෙන්නේ තාත්තාට විරුද්ධව. නඩුව ඇඳි ඇඳි ගිහිල්ලා තාත්තා රිමාන්ඩ් එකෙත් ඉදලා. අච්චු ලැබිලා තියෙන්නේ ජීවිතාන්තය දක්වා හිරේ ඉන්න. ඒත් අයෙමත් නඩුව විභාග කරලා. ඒ වෙලාවේ අම්මගේ උදව්වට ඉදලා තියෙන්නේ තාත්තගේ බාප්පා විතරයි. ඒ කාලේ වෙනකොට තාත්තගේ අම්මා ජිවතුන් අතර නැහැ. තාත්තගේ සහෝදරයොත් අම්මට හුගාක් වෙනස්කම් කරලා..
අම්මා මාවත් අරගෙන තාත්තාට තියෙන හැම තුට්ටුවම වියදම් කරලා කුලී ගෙදරක පදිංචියට ගිහිල්ලා. තාත්තගේ නඩුව විභාග වෙද්දී දෙවියෝ මුහුණ බැලුවා වගේ තාත්තගේ බාප්පා එදා ඒ සිද්ධිය ඇසින් දුටු කෙනෙක්ව හොයාගෙන. ඒ මනුස්සය තාත්තගේ පැත්තට සාක්කි දීලා තියෙනවා. බැලුවම එදා ආරවුලේදී අර මනුස්සයව මන්නෙන් ගහලා මරලා තියෙන්නේ තාත්තගේ බාලම මල්ලි. ඒත් ඔය දේවල් ඔප්පු වෙලා එනකොට මගේ තාත්තා අවුරුදු අටටත් වැඩිය හිරේ ඉදලා තියෙනවා. ..”
තාත්තා හිරේට ගියාම ඔයාලාට කවුද උදව් කළේ …?
“එතකොට මගේ අම්මා තරුණයි. ඒ කාලේ අම්මට අවුරුදු විසි දෙකක් විතර ඇති. තාත්තාත් නැතිව මාත් එක්ක ඉන්න එක අම්මට ප්රුශ්නයක් වෙලා. අම්මා කුලි ගෙදරට ගිහින් ටික කලක් ගියාට පස්සේ අම්මගේ අයියා ඇවිල්ලා අම්මව ගමට එක්කගෙන ගිහිල්ලා. මගේ ලොකු මාමා ඒ කියන්නේ අම්මගේ අයියට දරුවෝ හිටියේ නැහැ. ආච්චියි සීයයි හිටියෙත් මහගෙදර. අම්මා ගමට ගියාට පස්සේ රස්සාවකට ගියා. අම්මා රස්සාවකට යන කාලේ මට මතකයි.
අම්මා ලොකු මාමත් එක්ක තාත්තා බලන්න හිරගෙදරට ගියා. සමහර දවස්වලට අම්මා හිටියේ ඇඩු කඳුළෙන්. සියා අම්මට කිව්වා ඔය කසාදෙ අත් හැරලා දාලා වෙන එකක් කරගන්න කියලා. ඒත් අම්මා ඒකට කැමති වුණේ නැහැ. මාමා කළේ ගොවිතැන්. සියත් ගොවියෙක් වුනාට, වයස නිසා හැමදේම මාමට බාරදුන්නා. මාමා එයාගේ පවුල ඒ කියන්නේ නැන්දා එක්ක හැමදේම කළා. නැන්දා අපිට වෙනස්කම් කළේ නැහැ. ඒත් නයෙක් ගහලා නැන්දා මැරුණා. මාමා ඊට පස්සේ හරිම හිතේ අමාරුවෙන් හිටියේ. ඔය අතර තමයි තාත්තා නිදහස් වෙලා ගමට ආවේ. ඊට පස්සේ මාමා එයාගේ ජීවිතය ගැන තීරණයක් ගත්තා. මාමා මහණ වෙන්න ගියා. ආච්චි සියා බලාගන්නත් වගා කටයුතු කරන්නත් වුණේ මගේ තාත්තාට. තාත්තා හිරේ ඉදලා එනකොට එයා හොදටම මානසිකව වැටිලා හිටියේ. තාත්තා බලාගත්ත අතේ බලාගෙන හිටියා. ….”
අම්මාට මොකද වුණේ …..?
“අම්මා, ආච්චි සහ සියා තමයි තාත්තව ගොඩගත්තේ. ලොකු මාමා මහණ වෙලා හිටියට මාසයකට සැරයක් ගෙදර ආවා. තාත්තා ටික ටික යහපත් තත්වයට ආවා. මගේ අම්මා ජිවිතේ දුක් කරදර විදදරා ගත්තේ නැත්නම් තාත්තා තවත් කඩා වැටෙනවා. තාත්තා ගොවිතැන් කරන්න පටන් ගත්තා. තාත්තගේ අත්ගුනේ හොදයි කියලා තමයි ආච්චි කිව්වේ. තාත්තා කුඹුරු කෙරුවා. මුං, කව්පි වැව්වා. ඇත්තම කියනවානම් අපි දියුණු වුණා. මගේ තාත්තා මිනි මරුවෙක් කියපු අය ආයෙමත් ඒ කතාව කිව්වේ නැහැ. මං මගේ තාත්තා ගැන ඇත්තටම ආඩම්බර වුණා. අම්මයි තාත්තායි ජිවිතේ සතුටින් ඉන්නවා දැක්කම මට සතුටු හිතුණා. මං හොඳට ඉගෙන ගත්තා. උසස් පෙළත් පාස් වුණා.”
එහෙනම් ඇයි දැන් හිරේ ඉන්නේ….?
“ඒක තමයි කරුමේ කියන්නේ. අම්මයි තාත්තායි සතුටින් ජීවත්වෙනවා දැකපු සමහර අයට ඒක ඉවසගන්න බැරිවුනා. සමහරු තාත්තවයි අම්මවයි තරහා කරන්න හැදුවා. තාත්තාට වඩා අම්මා අවුරුදු දහයක් බාලයි. මගේ අම්මා ලස්සනයි. ගමේ හිටපු එකෙක් අම්මා ගැන විශේෂත්වයක් දැක්වුවා. මම නගරේ ඉස්කෝලෙට ගිය නිසා ගමේ වෙන දේවල් දැනගෙන හිටියේ නැහැ. දවසක් ගමේ යාළුවෙක් මට කිව්වා මගේ අම්මාට සුමතිපාල නොහබිනා කතාවක් කිව්වා කියලා…. මං අම්මගෙන් ඒ බව ඇහුව්වා ඒත් අම්මා ඇඩුවා මිසක් ඒක කිව්වේ නැහැ. තාත්තා මට කිව්වා කලබල වෙන්න එපා කියලා. ඒත් තාත්තා හිටියේ හිතේ අමාරුවෙන්. තාත්තාට අම්මා ගැන සැකයක් තිබුණේ නැහැ. ඒත් මේ සිද්ධියත් එක්ක ගෙදර වෙනදා තියෙන සතුට නැතිවුණා. පුංචි කාලේ ඉඳලා තාත්තාගෙන් ඈත්වෙලා අම්මාත් එක්ක දුක් විදපු මට මේ වෙනස උහුලා ගන්න බැරිවුණා. මට ඕන වුණේ ආයෙත් අපේ පවුල සතුටින් තියන්න. “
“මං යාළුවෙක් එක්ක සුමතිපාල හමුවෙන්න ගියා. ඒ යද්දී මිනිහා හොදටම බිලා. මිනිහගේ ගෙදර හිටපු එකෙක් අපිට ගහන්න ආවා. මට කිසිම දෙයක් මතක් වුණේ නැහැ. මං කලිසම් සාක්කුවේ හංගගෙන ආව කිනිස්සෙන් සුමතිපාලට ඇන්නා. … මට මතක එච්චරයි. සුමතිපාල මැරුණා…. මං හිරේ ආවා….”
පවුලට මොකද වුණේ…?
“ඒ ගොල්ලෝ දැන් ගොවිතැන් කරනවා. අම්මයි තාත්තායි ඇවිත් මාව බලල යනවා. ඒත් ගෙදර යන්න ලැබෙන්නේ නැහැ. කියලා හිතෙනකොට මට දුක හිතෙනවා. දැන් මගේ අම්මයි තාත්තායි හොඳට පිං දහම් කරනවා. ආච්චී අම්මා දැන් හොදටම වයසයි. දවසක් මාව බලන්න ඕන කියලා ආච්චී අම්මාත් ඇවිත් ගියා.”
දැන් හිරේ ඉන්න එක ගැන මොකද හිතෙන්නේ…….?
“ඇත්තටම දුක හිතෙනවා. මං කලබල වෙලා කරගත්ත දේ නිසා මටම දුක් විඳින්න වුණා. නේද කියලා. මගේ අම්මා මාව බලන්න ආපු හැමදාම දුක්වෙවී අඩනවා. මට ඒ ගොල්ලෝ ගැන දුකයි. .”
මොකද දැන් ජිවිතේ ගැන හිතෙන්නේ……..?
“ඇත්තටම ලොකු බලාපොරොත්තු නැහැ. හිත හදාගෙන ඉන්නේ. ඒත් පොදු සමාවක් දීලා නිදහස දෙනවානම් මට අම්මවයි තාත්තවයි මැරෙනකම් බලාගෙන ඉන්න පුළුවන්. ඒකට උදව් කරන කෙනෙක් ඉන්නවානම් මට හොයලා දෙන්න. … පිං සිද්ධ වෙනවා…….”
ඒ ඔහුගේ කතාවයි. මේ තරුණ ජීවිතය පවුලේ සතුට වෙනුවෙන් බිත්ති හතරක හිර වෙලා සුසුම් හෙළනවා. මේ ඉවසීමෙන් කටයුතු නොකළ නිසාද….? [sexypoll id=”9″]

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!