මංගල සැසිවාරයක් සඳහා ජීනිවා නුවරට

Spread the love
  •  
  •  
  •  
  •  

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
මාර්තු මස 2 වන දින  පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරයක් සඳහා සහභාගී වීමේ අරමුණින්  අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.

අදාළ සැසිවාරය සඳහා රටවල් 65ක විදේශ අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතය.
මෙම සංචාරය තුළ දී මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල්හුසේන් මහතා මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!