මංගලගේ බද්ද සිරිසේන ගලවයි..

මංගලගේ බද්ද සිරිසේන ගලවයි..

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත 14% රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට ඊයේ (06 වැනිදා) උපදෙස්‌ දී ඇත.ජනාධිපතිවරයා මෙම උපදෙස්‌ දී ඇත්තේ සිනමා, ටෙලිනාට්‍ය ඇතුළු අනෙකුත් කලා ක්‍ෂේත්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයන් ඇතුළු කලාකරුවන් පිරිසක්‌ සමඟ ඊයේ (06 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීය.නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ටෙලිනාට්‍ය නිර්මාණ අලෙවි කිරීමේදී 14% ක බදු මුදලක්‌ අය කිරීම පිළිබඳව පවතින තත්ත්වය නිවැරදි කර 14% ක එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යවරයාට උපදෙස්‌ දී ඇත.මේ අතර නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්‍ෂේත්‍රවල ඉදිරි ගමනට යම් බාධාවන් එල්ලවී තිබේ නම් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

(Visited 73 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!