මංකොල්ලකාරයෝ මිනීමරුවන් බවට සමාජ දේශපාලනය පත් වෙලා-විදුර

Spread the love
  •  
  •  
  •  
  •  

මේ රටේ සමහර දේශපාලකය(විදුර) ආබාධිතයන් බවත් දේශපාලනය සමහරුන්ට බඩගොස්තරවාදයක් වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පවසයි.

ඉංගිරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ස්වශක්ති පදනම මෙහෙය වූ ආබාධිත දරුවන්ගේ කලා උළෙලක් අමතමින් ඒ මහතා මෙසේද කීය.

‘රටේ සමාජ ක‍්‍රියාකාරකම්වලින් පෙනී යන්නේ මේ රටේ දේශපාලඥයන් අතරින් සමහරෙක් ආබාධිතයන් බවයි. ඔවුන්ගේ වැඩකටයුතු වල ස්භාවය මන්දගාමී ආබාධිත තත්ත්වයන්ට පත්වෙලා.

ජීවිතයේ යම් කර්ම ශක්තියක් මත මේ දරුවන් ආබාධිත වුණත් ඔවුන්ගේ හැකියාව,දක්ෂතා දුටුවම අද මේ දක්වන කලා කුසලතා දුටුවම මේ දරුවන්ට ආබාධිත යැයි කියන්න බෑ.අද ආබාධිත වෙලා සිටින්නේ මේ රටේ සමහර දේශපාලඥයන්.ඒ වගේම වැඩිහිටි සමාජය ශීඝ‍්‍රයෙන් ආබාධිත වේගෙන යනවා.

මොකද දරුවන් සම්බන්ධව අද සිදුවන දේවල් දුටුවම වැඩිහිටි සිත්වල මනුස්සයෝ නැතිබව පේනවා.මොකක්ද මේකට හේතුව.අපේ කුඩා කාලයේදී දේශපාලඥයන්ට කොයිතරම් සමාජයේ ගෞරවයක් තිබුණද?සමාජ බුහුමන් කොයිතරම් ලැබුණද?ඒත් අද දේශපාලනය  සමහරුන්ට  බඩගෝස්තරවාදයක් වෙලා. අද හොරු, මංකොල්ලකාරයෝ, මිනීමරුවන් බවට සමාජ දේශපාලනය පත්වෙලා’

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!