භංග වූ රනිල් සිරිසේන හමුවෙයි.., රටම බලාසිටි අවසන් තීන්දුව ගනී..?

භංග වූ රනිල් සිරිසේන හමුවෙයි.., රටම බලාසිටි අවසන් තීන්දුව ගනී..?

Spread the love
  • 35
  •  
  •  
  •  
    35
    Shares

ගමැතිවරයාට එරෙහි ඉදිරිපත් විශ්වාසභංගය පිළිබඳ අතිශය තීරණාත්මක අවසන් සාකච්ඡාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් අතර කොළඹ ජනපති නිල නිවසේදී අද (03) උදෑසන 9.00ට පැවැත්වේ. ඒ අනුව අද (03) උදෑසනට නියමිතව තිබූ කැබිනට් රැස්වීම ද පැයක පමණ කාලයකින් ප්‍රමාද කරමින් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත.අගමැතිවරයාට අමතරව එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් මලික් සමරවික්‍රම, කබිර් හෂීම්, රාජිත සේනාරත්න හා අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුන් ද එක්වීමට නියමිත බව එම පෙරමුණේ අමාත්‍යවරයකු ඊයේ (02) පැවසීය.යහපාලන රජයේ ඉදිරි ගමන්මග පිළිබඳ අතිශය වැදගත් කරුණු කිහිපයක්ම පිළිබඳ මෙම රැස්වීමේ දී සාකච්ඡාවට බඳුන් වනු ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර තවත් සුවිශේෂී සාකච්ඡාවක් ඊයේ (02) රාත්‍රියේ දී ද ජනපති නිල නිවසේ දී පැවැත්වුණි. එම සාකච්ඡාව සඳහා රිෂාඩ් බදියුදීන්, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරල, චන්ද්‍රානි බණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමැතිවරුන් පිරිසක් සහභාගි නොවූ බව ද වාර්තා වේ.අතිශය තීරණාත්මක වූ මෙම රැස්වීම සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා හදිසියේම කල්මුණේ සිට ගුවන් මගින් පැමිණ ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග පවසයි.ඊයේ (02) පැවැති මෙම රැස්වීම ධනාත්මක ප්‍රතිඵල ගෙනදුන් සාකච්ඡාවක් වූ බව ඊට සහභාගි වූ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු පැවසීය.යහපාලන රජය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගත යුතුව ඇති බව ද අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයින් මෙහි දී ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.යහපාලන රජයේ හවුල් ගිවිසුම, පසුගිය දෙසැම්බර් 31 දින අවසන් වූ බවත් තමාගේ වුවමනාව මත එය මේ වන තෙක් ක්‍රියාත්මක වූ බවත් ජනපතිවරයා මෙහි දී පෙන්වා දී ඇත.කෙසේ වෙතත් රටටත්, ජනතාවටත් ආදර්ශමත් ගමනක් ඉදිරියට යා යුතු බව ද ජනපතිවරයා මෙහිදී පෙන්වා දී තිබේ.රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදයට සුබවාදී පිළිතුරක් ලබාගැනීමට අද (03) දින පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාවේ දී උත්සාහ ගත යුතුව ඇති බව ද ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.මේ අතර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ද ඉදිරියේ දී මතුවන විශේෂ දේශපාලන තත්ත්වයකදී තමාට හිමිවන තනතුර පිළිබඳව අගමැතිවරයාගෙන් ලිඛිත ‍පොරොන්දුවක් ඉල්ලා ඇත.අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර ඊයේ (02) රාත්‍රියේ පැවැති මෙම හමුව හේතුවෙන් ඊයේ (02) එම වේලාවේදීම පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් හා ජනපති අතර සාකච්ඡාව ප්‍රමාද වී පැවැත්විණි.ජනපති අගමැති හමුව අවසන් වනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පිරිස මහින්ද අමරවීර මහතාගේ නිවසේ රැඳී සිට ඇති බව ද වාර්තා වේ.ජනාධිපති සහ ශ්‍රීලනිප ඇමැතිවරුන් අතර ඊයේ රාත්‍රියේ පැවැති විශේෂ සාකච්ඡාවේදී ඉදිරි පැය 48ක කාලය තුළ ස්ථානෝචිත ප්‍රඥාව භාවිත කොට තීරණ ගත යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත.

(Visited 1,167 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!