භංග වූ රනිල්ට පක්ෂව ඡන්දය දෙන්න රවී රනිල්ගෙන් වරම් ඉල්ලයි..

භංග වූ රනිල්ට පක්ෂව ඡන්දය දෙන්න රවී රනිල්ගෙන් වරම් ඉල්ලයි..

Spread the love
  •  
  •  
  •  
  •  

තමන්ට ගැලපෙන සුදුසු අමාත්‍ය ධුරයක් සහ එක්සත් ජාතික පක්‍ෂයේ සුදුසු නායක තනතුරක් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන්නේ නම් පමණක් තමා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා ඇතැයි වාර්තාවේ. එසේ නොකරන්නේනම් විශ්වාසභංගයට පක්‍ෂව ඡන්ද ප්‍රකාශ කරන බවද හෙතෙම අගමැතිවරයාට දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.මේ සම්බන්ධයෙන් අද (03දා) සාකච්ඡා කර තීරණයක් ලබාදීමට අගමැතිවරයා එකඟ වී ඇතැයිද එජාපයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!