“බෝම්බ ප්‍රහාර එල්ල කලේ බුර්කා ඇඳගෙන ගොස් නෙමෙයි…” – උලමා සංවිධානයේ ෆාරුක් කියයි

“බෝම්බ ප්‍රහාර එල්ල කලේ බුර්කා ඇඳගෙන ගොස් නෙමෙයි…” – උලමා සංවිධානයේ ෆාරුක් කියයි

Spread the love
  • 28
  •  
  •  
  •  
    28
    Shares

මුස්ලිම් කාන්තාවන් මුහුණ වැසෙන පරිදි දමාගෙන යන නිකාබ් (සම්පූර්ණ මුහුණ ආවරණය කරන කොටස) නිවසින් එළියට යද්දි ඉවත් කර යන්නට අවසර දුන් බව සමස්ත ලංකා ජමෙයියතුල් උලමා සංවිධානයේ මාධ්‍ය ලේකම් අශ්ෂේක් ෆසිල් ෆාරුක් ප‍්‍රකාශ කළේය.
එමෙන්ම මුස්ලිම් කාන්තාවන් අදින කළු පැහැති ඇදුම වෙනුවට වෙනත් වර්ණ වලින් මැසූ ඇදුම් අදින්නැයි ඉල්ලා සිටි බව ද ෆාරුක් කීය.
රටේ පවතින තත්ත්වය යටතේ ආරක්ෂක හමුදාවන්ට සහය දිය යුතු බැවින් මෙසේ අවසර දුන් බව ද කියා සිටියේය.
මුස්ලිම් ජනතාව නිරන්තරව රටේ එක්සත් භාවයට නතුවන බවත් ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවත් කී ෆාරුක් කෙසේ වෙතත් ඉකුත් ඉරිදා එල්ල වූ ප‍්‍රහාර කිසිවක් මේ කියන කාන්තා ඇදුම ඇද ගොස් කළ ඒවා නොවන බවත් ඔවුන් ගොස් ඇත්තේ කලිසම් ෂර්ට් ඇද ගෙන බවත් හෙතෙම කියා සිටියේය.

(Visited 376 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!