බොදු බලේට එරෙහි ඇමති පෙරමුණක්

Spread the love
  •  
  •  
  •  
  •  

ඇතැම්බොදු බලසේනා සංවිධානය විසින් ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව කළ චෝදනාවලට විරුද්ධව එක් පෙරමුණක් ලෙස කටයුතු කිරීමට ආණ්ඩුවේ ඇමැතිවරු පිරිසක් සූදානම් වෙති.
ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහිව මෙවැනි චෝදනා එල්ල කිරීම පිටුපස ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් දියත්ව ඇති බැවින් මෙවැනි චෝදනා සඳහා තනි තනිව මුහුණ දීමට අමතරව එක් පෙරමුණක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇමැතිවරුන් ගණනාවක් රාජිත සේනාරත්න ඇමැතිවරයාට පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් ඉදිරියේ මුණගැසී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමටද ඔවුන් අතර එකඟතාවක් ඇතිකරගෙන තිබේ.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!